ඇමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ල කළ ප්‍රහාරය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය හදිසි රැස්වීමක් කැඳවා තිබේ.
ඉරානයේ උද්ගතව ඇති හදිසි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (23දා) මෙම රැස්වීම කැඳවා ඇති බව වාර්තා වේ. ඇමෙරිකාව සිදුකළ ප්‍රහාර පිළිබඳව විමර්ශනයක් අවශ්‍ය බවට ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් ප්‍රධානී මොහමඩ් එස්ලාම් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය වෙත මේ වන විට ලිඛිත දැනුම් දීමක් ද කර ඇත. ඇමෙරිකානු ප්‍රහාරය හෙළා දකින ලෙසද ඉරානය එමගින් ඉල්ලා ඇත.
මේ අතර ඇමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් විකිරණ මට්ටමේ වැඩිවීමක් සිදුව නොමැති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය තහවුරු කර තිබේ.
චතුර පමුණුව