ඇනස්ලි සර් ඇහැව්වා කොහෙන්ද ඔබව හොයා ගත්තේ කියලා – දමිත්
ඇත්තටම ශීලා මිස්ට කතා කළා – නිහාරි
ප්‍රේමණීය කතාවක් කියන්න අපූරු රැයක්…

පැහැදිලි නැති එක රුවක් ඇතේ
සිහිනෙන් දැකුමට පැතුම් සිතේ
සිහිනෙන් ඒ රුව දැක ගන්න
මටත් වරක් අවසර දෙන්න
සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ…

මේ අපූරු ප්‍රේමණීය කතාව කියන්න සූදානම් වෙන්නේ ක්ලැරන්ස් විජේවර්ධන. කාටද මේ කතාව කියන්න සූදානම් වෙන්නේ ශීලාට. ඇත්තටම මේ කතාව හරි අපූරු ප්‍රේමනීය කතාවක්.
ශ්‍රී ලාංකීය සංගීතයේ ස්වර්ණමය යුගයක සප්ත ස්වරයට පෙම්බැඳි ක්ලැරන්ස් විජේවර්ධනගේ ආත්මය ස්පර්ශ කරන්නා වූ සදාදරණීය සිනමා සිත්තම ,”Rhythm of the Guitar”, තුළින් තමයි මේ හරි අපූරු ප්‍රේමණීය කතාව කියන්න හදන්නේ. ආශාවරී සිනමාවට නැඟූ තේජා ඉද්දමල්ගොඩගේ කතා සංකල්පයකට අනුව අධ්‍යක්‍ෂණය සිදු කළ ආලෝකෝ උදපාදි ඔබ වෙත තිළිණ කළ කැන්ඩි සිටි සෙන්ටර් හි නිර්මාතෘ තුසිත විජයසේන නිෂ්පාදනය කළ අනන්ත වූ සංගීත චාරිකාවක සදාදරණීය ආමන්ත්‍රණය ලබන 27 වැනිදා සිට රට පුරා සිනමාහල්වලදී ඔබට නරඹන්නට පුළුවන්. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති කවුද මේ ක්ලැරන්ස්ට වගේම ශීලාට තිරයේදී ජීවය දෙන්නේ කියලා. ඔන්න දැන් අපි ඔයාලට කියන්න හදන්නේ කවුද මේ ක්ලැරා, කවුද මේ ශීලා කියලා ඇත්තටම කවුද මේ ක්ලැරා…

ඇත්තටම ක්ලැරා කියන්නේ කවුද?
මගේ නම දමිත් විජයතුංග.
දමිත් විජයතුංග කියන්නද නැත්නම් ක්ලැරන්ස් විජේවර්ධන කියන්න ද?
දැන් මේ සිනමා නිර්මාණය ඇතුලේ මිනිස්සු ආදරය කරන චරිතය ක්ලැරන්ස් විජේවර්ධන නේ. ක්ලැරා කියලා කතා කරමු.
ක්ලැරාට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?
ඇත්තටම ලංකාවේ සංගීතයේ පෙරළියක් ඇති කරපු ගායකයෙක්නේ. හැමෝම වගේ ඔහුගේ සංගීතය වැළඳ ගන්නවා. ඒ සංගීතයත් එක්ක ජීවත් වුණා. එතුමන්ගේ සංගීතයට කරපු ආදරය නිසාම ,”Rhythm of the Guitar”, චිත්‍රපටයත් ආදරයෙන්ම වැළඳ ගනීවි කියලා හිතනවා.
එතකොට කවුද මේ දමිත්?
මගේ වෘත්තීය සිනමාව නෙවෙයි. මම දැනට ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. මාව සමහරු දන්නේ නිරූපණ ශිල්පියෙක් විදිහට. 2016 වසරේ මිස්ටර් ශ්‍රී ලංකා විදිහට තේරී පත්වෙලා 2017 වසරේ මෑන් ඔෆ් ද වර්ල්ඩ් තරගාවලිය නියෝජනය කරලා අවසන් රටවල් 15 අතරට තේරී පත් වුණා. තවම මම නිරූපණ ශිල්පියෙක් විදිහට වැඩකටයුතු කරගෙන යනවා.
ගම් පළාත එහෙම කොහේද?
මගේ ගම මාතලේ. පාසල් ගියේ මාතලේ විජය විiාලය, මාතලේ ශාන්ත තෝමස් විiාලය, මාතලේ විiා විiාලයට.
මාතලේ ඉඳලා කොළඹ එන්නේ?
මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුළත් වෙනවා. උපාධියේ වැඩකටයුතු අවසන් කරන්න තමයි කොළඹට එන්නේ.
නිරූපණ කලාවට හිත යන්නේ කොහොමද?
ඒක බොහොම අහම්බයක්. උපාධියේ වැඩකටයුතුවලට කොළඹ එහෙට මෙහෙට යන අතරේ මට හම්බවෙනවා දේවා අයියා. ඒ හරහා වෙළෙඳ දැන්වීමක් මාර්ගයෙන් තමයි නිරූපණ ක්‍ෂේත්‍රයට ප්‍රවිෂ්ට වුණේ. සමීර වීරසිංහ තමයි මුලින්ම නිරූපණ ක්‍ෂේත්‍රය පිළිබඳව මාර්ගෝපදේශනයක් ලබාදෙන්නේ. ඊට පසුව තමයි මිස්ටර් ශ්‍රී ලංකා තරගයට යොමුවෙලා ජාත්‍යන්තර තරගයට යොමු වන්නේ. ඒක සිද්ධ වෙන්නේ බ්‍රයන් කර්කෝවන් හරහායි. අදටත් ඔහු සමග නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන යනවා.
හරි දැන් කියමුකෝ බලන්න ක්ලැරාව හම්බ වුණ විදිහ?
මම මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් රුවන් කොස්තා මහත්මයාව මතක් කරන්න ඕනෑ. ඔහුත් සමග වෙළෙඳ දැන්වීමක රූගත කිරීමට සහභාගි වෙනවා. ඒ අතරතුර තමයි ඔහුගෙන්ම ට ආරාධනාවක් ආවේ තේජා ඉද්දමල්ගොඩ සර් ක්ලැරන්ස්ගේ කතාව පදාක කරගෙන චිත්‍රපටයක් කරනවා කියලා. ඊට පසුව තේජා සර්ව මුණගැසිලා කතාබහ කරලා පිටපත අතට ගන්නවා.
ඒ වෙලාවේ මොකද හිතුණේ ලොකු තිගැස්මක් ආවා ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් ඇති කරපු චරිතයක්. මේක භාරදූර කාර්යයක් නිසාද ලොකු බයක් ඇති වුණා. ලංකාවේ මිනිස්සු ආදරය කරන චරිතයක් හින්දා ලොකු වගකීමක්නේ. තේජා සර් මට ලොකු විශ්වාසයක් ඇති කළා.
දමිත් ක්ලැරන්ස්ගේ ගීතවලට ආසද?
මම පෞද්ගලිකවම ක්ලැන්රස් විජේවර්ධන මහත්මයාගේ හොඳ රසිකයෙක්. අපේ අම්මා අප්පච්චි කාලේ ඉඳලම ගෙදර නිතර දෙවේලේ ඇහෙන්නේ එතුමාගේ සංගීතය. අපේ නෑදෑ පරපුරත් ගායනා කරන්නේ එතුමාගේ ගීත. සංගීත රසය පිළිබඳව ප්‍රශ්නයක් තිබුණේ නැහැ.
ඇත්තටම චිත්‍රපටය ඇතුළේ ඇනස්ලි ඉන්නවානේ. ඇනස්ලි ඔයාව දැකලා මොනවද කිව්වේ?
ඇනස්ලි සර් මුලින්ම ඇහැව්වේ කොහෙන්ද මෙයාව හොයා ගත්තේ කියලා. චිත්‍රපටයට මුලින්ම සම්බන්ධ වෙන කොට මගේ රැවුල තිබ්බා කොණ්ඩය තිබ්බා. ඒවත් එක්ක එහෙම වෙනසක් කරගන්න බැරි වුණා. මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ ඉන්දික අයියාව. ඉන්දික අයියා මාව මේකප් ටෙස්ට් ගණනාවක් කරලයි මාව මේ තැනට ගෙනාවේ. අන්තිමේ ඔහුත් හරිම සතුටු වුණා.
දමිත්ට සින්දු කියන්න එහෙම පුළුවන්ද?
පොඩ්ඩක් පුළුවන්. එහෙම ලොකුවටම බැහැ.
දැන් දිගටම සිනමාවේ රැඳෙන්න ද අදහස?
රැකියාවේ නියැළෙන ගමන් හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් තෝරාබේරාගෙන නිර්මාණයකට දායක වෙන්න තමයි බලන්නේ.
චිත්‍රපටය තිරගත වෙනකොට අධ්‍යක්‍ෂවරයා අප හැර ගිහිල්ලා. දමිත්ට ඒක දැනෙන්නේ කොහොමද?
අධ්‍යක්‍ෂවරයා කියන්නේ මේ සිනමා නිර්මාණයට සම්බන්ධ වීම ඇතුළේ මට අධ්‍යක්‍ෂවරයෙක් එතැනින් එහාට ඔහු මගේ ජීවිතයට බොහොම සමීප පුද්ගලයෙක්. මගේ ජීවිතයට ගොඩක් උපදෙස් දුන්නා වගේම සිනමාව ඇතුළේ අපි හැසිරෙන්න ඕනෑ විදිහ පවා කියලා දුන්නා. මට මේ වේලාවේ මතක් වෙන්නේ එතුමා හිටියා නම් කියලයි. බොහොම සංවේදී මතකයක්. මගේ ජීවිතයේ එදා මතක අතර රැඳෙන ආදරණීය මතකයක් තමයි තේජා අයියා.
ක්ලැරාගේ කතාව ඒ විදිහට ගලාගෙන යන කොට අපි හැරුණේ ශීලා දෙසට.
ඇත්තටම කවුද මේ ශීලා?
මගේ නම නිහාරි පෙරේරා.
එතකොට ශීලාව කොහොමද මුණගැසුණේ?
තේජා ඉද්දමල්ගොඩ සර් තමයි මට මුලින්ම කෝල් කරලා අහන්නේ මේ වගේ චිත්‍රපටයකට එනන් පුළුවන්ද? පළමු වැනි කෝල් එක ගනිද්දි මම ආන්ස්වර් කළේ නැහැ. මොකද මම ලංකාවේ නෙමෙයි හිටියේ. මම ඒ වෙලාවේ පැජන්ට් එකට සහභාගි වෙලා හිටියේ. ඊට පසුව තමයි මම කතා කරලා විස්තර දැන ගත්තේ. අන්තිමේ ලංකාවට ආවට පස්සේ සර්ට කෝල් කරලා ස්ක්‍රීන් ටෙස්ට් එකකට ගියා. එදාම කිව්වේ නැහැ මේ චරිතයට තේරුණා කියලා.
මේක මගේ පළමු වැනි චිත්‍රපටය. ඒක මට ලොකු අවස්ථාවක්. මම කොහොමත් චිත්‍රපට ක්‍ෂේත්‍රයට එන්න ලොකු ආසාවකින් හිටියේ. මේ වගේ හොඳ නිර්මාණයකින් එන්න හම්බවෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ.
ක්ලැරන්ස් විජේවර්ධන ගැන අහලා තිබුණා ද?
අනිවාර්යයෙන්ම. ක්ලැරන්ස්ව දන්නේ නැති කෙනෙක් නැහැනේ. මමත් එයාගේ සින්දු අහනවා. ඉස්කොලේදී මම එයාගේ කැලිප්සෝවලට නටලා තියෙනවා. මම ඒ ගීතවලට ආදරය කළා. අපේ අම්මා, තාත්තාත් ඒ ගීත අහනවා. ක්ලැරන්ස්ගේ වයිෆ්ට රඟපාන්න තියෙනවා කිව්වහම ඇත්තටම මාත් සතුටු වුණා.
එතකොට කවුද මේ නිහාරි?
මම පදිංචිය කොහුවල. මට අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි ඉන්නේ. මල්ලි මීට මාස තුනකට කලින් නැති වුණා. ඇත්තටම මේ මාස තුන අපේ මුළු පවුලටම ඉතාමත් අමාරු කාලයක්. එයා මගේ එක චිත්‍රපටයක්වත් නරඹන්න ජීවතුන් අතර හිටියේ නැහැ. මම පාසල් ගියේ ශාන්ත ජෝසප් බාලිකා විදුහල නුගේගොඩ. මම පාසල් බාස්කට් බෝල් කණ්ඩායම නියෝජනය කළා.
නිහාරි කියන්නේ දක්‍ෂ ක්‍රීඩිකාවක්?
රංගනයට එන්න කලින් දක්‍ෂ ක්‍රීඩිකාවක් කිව්වොත් නිවැරදියි. මම ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළා. පසුගිය කාලයේ මට ගොඩක් සංචාර මඟහැරුණා චිත්‍රපට රූගත කිරීම් හින්දා? පුහුණුවීම්වලට සහභාගි වෙන්න බැරි වුණ අවස්ථා බොහොමයක් එන්න තියෙනවා. ක්‍රීඩාවයි සිනමාවයි දෙකම සමබරව පවත්වාගෙන යන්න ටිකක් අමාරුයි. මොකද පැසිපන්දුවලට පුහුණුවීම් අනිවාර්යයෙන් අවශ්‍යයි. පැසි පන්දුවලින් මම යූත් ඔලිම්පික්, ඒෂියා කප්, කොමන්වෙල්ත් ගේම් නියෝජනය කළා.
පාසල් කාලයෙන් පසුව වැඩිපුර යොමු වුණේ පැසි පන්දු ක්‍රීඩාවටද?
ඔව්. මම පැසිපන්දු ක්‍රීඩාවට යොමු වුණේ ඉස්කෝලේ පහේ පන්තියේදී. මේ වේලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනෑ අජිත් කුරුප්පු සහ ශිවශක්ති සෙල්වරාජ් කියන ගුරුවරුන් දෙපළ ඒ මගේ පුහුණුකරුවන් දෙපළ. මගේ දක්‍ෂතා පෙන්නුවේ ඒ දෙන්නා හින්දයි. මොකද රංගනයට එන්න කලින් පැසි පන්දුවලින් තමයි ඉස්සරහට ගිහින් තිබුණේ.
චිත්‍රපටයේ රඟපෑවට පස්සේ අධ්‍යක්‍ෂවරයා මොකද කිව්වේ?
තේජා ඉද්දමල්ගොඩ සර් නැතිනම් මමත් මෙතැන නැහැ කිව්වොත් හරි. මොකද මාව මේ ක්‍ෂේත්‍රයට හොයා ගත්තේ සර්. මාව මුලින්ම ක්‍ෂේත්‍රයට හඳුන්වා දුන්නෙත් සර්. සර්ව මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න ඕනෑ. චිත්‍රපට ගැන මට එහෙම ලොකුවට අවබෝධයක් තිබුණේ නැහැ. ඒ අවබෝධය ලබා දුන්නේ තේජා සර්. තේජා සර් මේ වෙලාවේ නැති එක වචනවලින් කියන්න බැහැ. ඔහුත් සමග ගත කළ කාලය යළි යළිත් සිහියට නැඟෙනවා.
ශීලා මහත්මිය සමග කතාබහ කළාද?
මේ චරිතය රඟපාන්න කලින් ඇත්තටම මම ශීලා මහත්මියට දුරකථනයෙන් කතා බහ කරල ඇයගේ විස්තර දැන ගත්තා. ඒ චරිතයට පණ පොවන්න හම්බ වෙනවා කියන්නෙත් ලොකු භාග්‍යයක්. මම ශීලා මිස්ට කතා කරපු වෙලේ එයා අඳින්න කැමති ඇඳුම්, හැසිරීම පවා දැන ගත්තා.
තිහාරිගේ තවත් චිත්‍රපට රැසක් එන්න තියෙනවා නේද?
මගේ පළමු චිත්‍රපටය රිදම් ඔෆ් ද ගිටාර්. දෙවනුවට රූගත කිරීම් කළේ ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ සූරිය සුළඟ. තුන්වැනි චිත්‍රපටය මහේෂ් මුණසිංහ අධ්‍යක්‍ෂණය කළ දිනේෂ් මුතුගල නිෂ්පාදනය කළ ‘සූරියා’ චිත්‍රපටය. ඒක ලබන මාසේ තිරගත වෙනවා. ප්‍රියන්ත සර් සමග තවත් චිත්‍රපටයක් රූගත කිරීම් සිදු කළා. එහි මම ද්විත්ව චරිතයක් රඟපානවා. කපිල සූරියආරච්චි සර් අධ්‍යක්‍ෂණය කළ අග්නික චිත්‍රපටයෙත් රඟපෑවා. ඩිලාන් වික්‍රමගේ ‘කාදල්’ චිත්‍රපටයෙත් රූගත කිරීම් සිදු කෙරෙනවා.
රිදම් ඔෆ් ද ගිටාර් හි නිෂ්පාදක තුසිත විජයසේන මහත්මයාගෙන් ලැබුණේ මොන වගේ සහයෝගයක් ද?
ඇත්තටම මේ වේලාවේ තුසිත විජයසේන සර්ව ආදරයෙන් මතක් කරන්න ඕනෑ. සර්ට ඕනෑ වුණේ රිදම් ඔෆ් ද ගිටාර් චිත්‍රපටයෙන් අලුත් මුහුණක් එළියට ලබාදෙන්න. මාව විශ්වාස කරලා මේ චරිතය ලබාදීම ගැනත් සතුටු වෙනවා. මේ නිර්මාණයට තුසිත සර්ගෙන් ලොකු දායකත්වයක් ලැබුණා. ඒ වගේම රුවන් කොස්තා සර් ලසන්ත ප්‍රදීප් අයියා, ඉන්දික උදාර අයියා ඇතුළු සියලුම දෙනා ආදරයෙන් මතක් කරනවා. මොකද ඒගොල්ලා නැතිනම් ඔයාලට ශීලාව මෙච්චර ලස්සනට දකින්න හම්බ වෙන්නේ නෑ.
දිගටම සිනමාවේ රැඳෙන්න ද අදහස?
අනිවාර්යයෙන්ම, මම සිනමාවට තමයි මාරම ආදරේ. රිදී තිරයට තමයි කැමැතිම. මම හිතනවා ඉස්සරහට දකින්න පුළුවන් වෙන්නෙත් සිනමාවෙන් විතරයි කියලා.
දිනේෂ් විතාන