Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රියන්ත 12 වැනි කාමරේ අරින්න ට්‍රයි කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රියන්ත 12 වැනි කාමරේ අරින්න ට්‍රයි කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකමීවිත

ශ්‍රියන්ත 12 වැනි කාමරේ අරින්න ට්‍රයි කරයි

June 22, 2025
307 Views

මේක සෙල්ලම් ලෙල්ලං වෙන වැඩක්

ප්‍රතිභාපූර්ණ දක්ෂ රංගධරයකු වූ ශ්‍රියන්ත මෙන්ඩිස් මේ දිනවල අලුත්ම වැඩකටයුත්තකට සූදානම් වෙනවා. වසර 12කට පසුව ඔහු වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න සූදානම් වෙනවා. අතිශයින්ම විනෝදාත්මක නිර්මාණයක් වන 12 වෙනි කාමරේ ජූලි 10 වැනිදා සිට ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්නයි සූදානම. මීවිත ශ්‍රියන්ත සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.

ශ්‍රියන්ත මෙන්ඩිස් මේ දවස්වල 12 වැනි කාමරය අරින්න ට්‍රයි කරනවා කියන්නේ?

ඇත්තම කාරණාව අපි මේ වේදිකාවත් එක්ක බැඳිච්ච මිනිස්සුනේ. වේදිකාවෙන් තමයි අපි ජීවිතයට පන්නරය ලබාගත්තේ. ඒක හින්දා මොන මාධ්‍ය තුළ සැරිසැරුවත් වේදිකාව අමතක කරන්නට බැහැ. ඒ බැරි නිසාම මේ දුෂ්කර කාරණාවට මුල පිරුවා. ඒ නිසාම අවස්ථාවක් ලැබුණා වේදිකා නාට්‍යයක් කරන්න. මේක වේදිකාවට සම්බන්ධ කිහිපදෙනෙකුගේ එකතුවක්. ඒක නිසාම අවුරුදු 12කට පස්සේ 12 වැනි කාමරය හදනවා. මේක ටිකක් වෙනස් කතාන්දරයක්. ප්‍රේක්ෂකාගාරයට දැනේවි. අපිටත් වෙනස් හැඩයක් තියෙන නාට්‍යයක් බවට පත්වේවි.

12 වැනි කාමරයේ කතා වෙන්නේ මොනවගේ කාරණාද?

දැන් මොකද වර්තමානයේ හරියට කාමරත් එක්ක ප්‍රශ්න තියෙනවානේ. කාමරවල මිනිස්සු මැරෙනවා. ඊට පස්සේ ඒ ගොල්ලන්ව දාලා යනවා පොලිසියෙන් හොයනවා. කාමරවලට පොලිසියෙන් පනිනවා. එහෙම අර්බුද ගොඩකනේ අපි ඉන්නේ. ඒක නිසාම මේක කාලීන ප්‍රශ්නයක් වෙයි කියලා අපිටත් හිතෙනවා. කතාන්දරය කිව්වොත් ප්‍රේක්ෂකාගාරයට ඔය තියන කුතුහලය නැති වෙනවානේ. නමුත් කෙසේ වෙතත් මෙහෙම දේවල් වුණහම සිද්ධවෙන අලකලංචිය තමයි පෙනෙන්නේ.

12 වැනි කාමරේ අරින්න හදන කට්ටිය කවුද?

මේකේ මම ඉන්නවා. මම ඉතින් රඟපෑමට කැමැතියිනේ. ඒක නිසාම අධ්‍යක්ෂවරයා හැටියටත් නාට්‍යයේ ප්‍රධාන භූමිකාව හැටියටත් මට ඉන්න වුණා. ඊට පස්සේ අංජුලා රාජපක්ෂ, ජනක කුඹුකගේ, කුසුම් රේණු, අජිත් ලොකුගේ, ප්‍රදීප් ඇරෑගම, තාරුකී අමායා, තරංග බණ්ඩාර.

ඇත්තටම 12 වැනි කාමරේ කවදද? කොහේදිද අරින්න ලෑස්ති වෙන්නේ?

මේකට සම්බන්ධ තව කිහිපදෙනෙක් ඉන්නවා. මේ පිටපත ලිව්වේ කපිල කුමාර කාලිංග. මොකද නැතිනම් මගේ පිටපත් ගොඩක් ලිව්වේ මගේ සහෝදරයා වන අජිත් මෙන්ඩිස්. පළමු වතාවට තමයි කපිල මෙහෙම ලියන්නේ. ඊළඟට සංගීතය මෙහෙය වන්නේ රවීන් කනිෂ්ක. එයත් පළමු වතාවට තමයි වේදිකාවට සංගීතය සපයන්නේ. ඊළඟට වේදිකා පසුතල නිර්මාණය කරන්නේ සහ ආලෝකය කරන්නේ චතුර දිසානායක කියලා නව පරම්පරාවේ චරිතයක්. ජූලි මාසේ 10 වැනිදා සවස 6.45ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී.

12 වැනි කාමරේ රට වටා වගේම ලෝකය වටා අරගෙන යන්න සූදානමක් තියෙනවාද?

ඇත්තටම ඔව්. මේක නිෂ්පාදනය කරන්නේ අපේම මිත්‍රයෙක්. ඔහු මෙල්බර්න්වල ජීවත්වන අජිත් ද සිල්වා. ඔහු ජයන්ත චන්ද්‍රසිරිගේ අත් නාට්‍යයේ රඟපෑ ලංකාවට ආපුවහම විටින්විට ටෙලි නාට්‍යවල රඟපෑ ශිල්පියෙක්. ඒක හින්දා ඔහු ජීවත් වන රටේත් දර්ශන වාර සංවිධානය කරාවි. ඊට අමතරව දැනට ලංකාවේ දර්ශන වාර කිහිපයක් අපිට ලැබිලා තියෙනවා. මම හිතනවා රට වටා යන්නත් පුළුවන් වේවි.

වේදිකා නාට්‍ය කලාවට අද වෙනකොට ලොකු පිබිදීමක් තිබෙනවා නේද?

මම හිතන්නේ ඒක ඉතාමත් හොඳ ප්‍රවණතාවයක්. වේදිකාව පෝෂණය වෙනවා. ප්‍රේක්ෂකාගාරයෙන් ඒකට ලැබෙන සහයෝගය ඉතා විශිෂ්ටයි. මම හිතන්නේ ඒක නිසාම ඉතාම හොඳ ප්‍රේක්ෂකාගාරයක් අපිට ලැබිලා තියෙනවා. ඒ පෝෂණීය අත්දැකීම වේදිකාවට සම්බන්ධ කලාකරුවෝ හැටියට අපි හැමෝටම සුබ ලකුණක්.

ශ්‍රියන්ත මෙන්ඩිස් වැනි දැවැන්තයෙක් රවීන් කනිෂ්කව සම්බන්ධ කරගන්න හිතුවේ ඇයි?

මම හිතන්නේ රවීන්ව මට හම්බ වෙනවා චිත්‍රපටයකදී. ඔහු ඇසුරු කරනකොට මට හිතුනා නව පරම්පරාවේ යමක් කරන්න පුළුවන් චරිතයක් කියලා. ඒක නිසාම මම ඔහුට ආරාධනා කරනවා, මගේ ඊළඟ නාට්‍යයේ සංගීතය මෙහෙය වන්න මල්ලි කියලා. එයා හරි කැමැත්තෙන් මේ අභියෝගය භාරගත්තා. වෙනකෙනකුට නම් වේදිකාවක කාරණාව අභියෝගයක්නේ. ඔහු ඉතාමත්ම රසවත් ප්‍රේමණීය සංගීත කණ්ඩයක් සහ ගීත රැසක් අපිට හදලා දුන්නා. මම හිතන්නේ ඒක සුවිශේෂයි. ඊළඟ පරම්පරාව අපිත් එක්ක යන්න හදාගන්න ඕනෑ.

ඔබ දිගු නිහැඬියාවකට පසුව තමයි අධ්‍යක්ෂණ කාර්යයට සම්බන්ධ වෙන්නේ?

පසුගිය කාලයේ මට වැඩිපුරම ටෙලිනාට්‍ය එක්ක ගැවසෙන්න වුණා. ඒක නිසා ජීවිතයේ පොඩ්ඩක් අවිවේකී වුණා. එහෙම වුණැයි කියලා මේක අතහරින්නත් බැහැනේ. අතහරින්න බැරි නිසාම මම සාමාන්‍යයෙන් අවුරුද්දකට වතාවක් නාට්‍යයක රඟපානවා. රාස්ස පරාස්ස, සුභ සහ යස වගේ නාට්‍ය කිහිපයක් මගේ අතේ තියෙනවා. ඒවායේ රඟපාන නිසාම මම ටිකක් වෙනස් වූ පෝෂණයක් ලබනවා වේදිකාවෙන්. ඔය තත්ත්වය යටතේ මට හිතුණා වේදිකාවට තව දෙයක් කරන්න ඕනෑ කියලා. ඒක තමයි මේකේ ප්‍රතිඵලය. ඒක හින්දම මට ගැළපෙන නාට්‍යකරුවෝ කිහිපදෙනෙක්, නළු නිළියෝ කිහිපදෙනෙක්, රචකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් වගේ වෙනස් වෙනස් කිහිපදෙනෙක් හම්බවුණා. ඉතිං මේ වෙනසට මිනිස්සු කැමැතියිනේ. හැමෝම බලාපොරොත්තු වෙන්නෙත් වෙනසනේ. ඉතින් ඒ වෙනස යම්කිසි ප්‍රමාණයකට සාක්ෂාත් කරගන්න තමයි මේ නාට්‍ය නිර්මාණය කරන්නේ.

12 වැනි කාමරේ මොනවගේ සෙල්ලම් ද සිද්ධ වෙන්නේ?

කාමරයක එක එක සෙල්ලම් තියෙනවානේ. මේක සෙල්ලම් ලෙල්ලං වෙන වැඩක්. ඒක දකින්නම ඕනෑ. මොකක්ද වුණේ කියලා. මොකක්ද වෙන්නේ කියලා බලාගන්න. මෙහි රංග වස්ත්‍ර නිර්මාණය කරන්නේ මගේ දියණිය. මගේ අනෙක් දුවත් මෙහි රඟපානවා. හැමෝම මේ වැඩේට එකතුයි. අංග රචනාව සිදු කරන්නේ චන්දන බණ්ඩාර.

දිනේෂ් විතාන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
අතිරේක විශේෂාංග

ප්‍රජනන පද්ධතිය සහ පියයුරු ආශ්‍රිත පිළිකා සම්පූර්ණයෙන්ම සුවකළ හැකිද?

අතිරේක විශේෂාංග

විදර්ශනා සංවාද භාවනාව: අන්තර් – පුද්ගල දහම් පුහුණු පිළිවෙත්වල වැදගත්කම

අතිරේක විශේෂාංග

සුළු රෝගයක් ලෙස නොසලකා හරින සැලකිල්ලක් දැක්විය යුතු අම්ලපිත්ත රෝගය

අකුරු දි​ගේ අතිරේක

වේදිකාවේ සහ සිනමාවේ ස්වර්ණමය යුගයක හෙන්රි ජයසේන භූමිකා

අකුරු දි​ගේ අතිරේක

කැමරාව හා පරිකල්පනය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok