මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැටුප, වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ හරි අඩකින් කපා හැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකල වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (11දා) මේ බව සඳහන් කළේය.
එමෙන්ම මේ වනවිට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එම්. එන්. සී. ධනසිංහ මහතාගේ රාජකාරීවලට අමතරව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත්කර තිබේ.