අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ කොටසකට ප්‍රාදේශීය හදිසි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
එය එරට වේලාවෙන් රාත්‍රී 8 සිට උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වන අතර දින කිහිපයක් සඳහා ක්‍රියාත්මක වනු ඇතැයි නගරාධිපති කැරෙන් බාස් පවසා තිබේ .
දින කිහිපයක් තිස්සේ , නව සංක්‍රමණ නීති හේතුවෙන් නගර පුරා විරෝධතා මතුවෙමින් තිබේ . ඒ හේතුවෙන් ගෙවුණු දින හතර තුළ පුද්ගලයින් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ .
විරෝධතාකරුවන් රජයේ ආගමන විගමන ආයතන වැටලීමට පටන්ගෙන ඇත .
නගරාධිපති කැරෙන් බාස් පවසන ආකාරයට විරෝධතා දින හතර තුළදී කැරළි අතරතුර කඩසාප්පු 23 ක් කොල්ල කා තිබේ
ට්‍රම්ප් පරිපාලනය විසින් සංක්‍රමණ නීති බලාත්මක කිරීම ඇතුළුව ප්‍රාන්තයේ නීති ක්‍රියාත්මක කිරීම සඳහා මැරීන් සහ ජාතික ආරක්ෂක භටයින් භාවිතා කිරීම තාවකාලිකව තහනම් කරන ක්ෂණික තහනම් නියෝගයක් සඳහා කැලිෆෝනියාවේ කළ ඉල්ලීම ෆෙඩරල් විනිසුරුවරයෙකු ප්‍රතික්ෂේප කර ඇත.

