එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද ( 11 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
හිටපු ජනාධිපතිවරයා මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාදීම සඳහායි.
මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියකට අදාළව කෙහෙලිය රඹුක්වැල්ල මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි .
අදාළ පැමිණිල්ල ප්‍රකාරව කෙරෙන පරීක්ෂණ සඳහා පසුගිය රජයේ මැති ඇමතිවරුන්ද මේ වන විට ප්‍රකාශ ලබා දී තිබේ .
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් මෙම ප්‍රකාශය ලබාගැනීමට නියමිතය.