ඊයේ (09 ) පස්වරුවේ වීරකැටිය , අතුබොදේ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක් සහිත කුරුදු වගා කර තිබූ ඉඩමක් තුල තිබී හෙරොයින් බවට සැකකෙරෙන මත් ද්‍රව්‍ය කිලෝ 110 ග්‍රෑම් 460 අඩංගු පැකට් 100 ක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සොයාගෙන තිබේ .
අනතුරුව අත්අඩංගුවට ගත් මත්ද්‍රවය තොගය වීරකැටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත .
හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණය ද පාකිස්ථානයෙන් ගෙන්වා ඇති බවට මේ වන විට අනාවරණය වී තිබේ .
පසුගිය මස 22 වනදා ද අතුබොදේ ප්‍රදේශයේ නිවසක තිබීයදී මේ ආකාරයටම , මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් සොයාගත්තේය .ඒ සැකකරුවන් දෙදෙනෙකු ද සමගය . අදාළ මත්ද්‍රව්‍ය පැකට්වල පාකිස්ථානයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් භාවිතා කළ සලකුණු සටහන් කර ඇත .
ඊයේ සොයාගත් මෙම මත්ද්‍රව්‍ය අඩංගු පැකට්වල අදාළ සලකුණු සටහන් වී ඇති බවයි පොලිසිය සඳහන් කරයි .
මත්ද්‍රව්‍ය තොගය මෙම ස්ථානයේ සැඟ වූ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීම සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරති .
