කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරු පැවසූහ.
කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 20ක් සහ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 30ක් දක්වා අද (03) දින වන විට ආසන්න වී ඇති බවයි එම ඉංජිනේරුවරු වැඩිදුරටත් කියා සිටියහ.
කාසල්රි සහ මාවුස්සාකැලේ ජල මට්ටම ඉහළට
