මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව මෙවර මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර ඇත.
අද ( 31) සිදු කිරීමට නියමිත ඉන්ධන ගාස්තු සංශෝධනයට අදාළ ව මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325කි.
ලංකා පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 341ක් වන අතර ලංකා පෙට්‍රල් 92 ලීටයරයක මිල රුපියල් 293කි.
එමෙන්ම ලංකා ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178කි.