උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යාලයක හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මේ සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස 2025 අයවැය යෝජනාවක් මඟින් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන්කර තිබේ.
එම වැඩසටහන මඟින් පස් අවුරුදු සැලැස්මක් යටතේ සිසුන් 200ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර එහි ප්‍රථම අදියර යටතේ 2025 වසර සඳහා සිසුන් 20ත් 50ත් අතර සංඛ්‍යාවක් තෝරා ගැනීමට අපේක්ෂිතය.
යෝජිත ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.