හත්තාන කදු මුදුන නැරඹීමට ඊයේ සවස ළමුන් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අතුරුදන්ව සිටියදී සොයා ගැනේ . හන්තාන කඳු මුදුනට නැගී , මේ පිරිස මහනුවර , රටේමුල්ල ප්‍රදේශයේ අවුරුදු 12 ත් 24 ත් අතර වයසේ පසුවන කණ්ඩායමකි .
හත්තාන කදු මුදුනෙහි පැවති මීදුම සහ වැසි නිසා නැවත පැමිණීමට මග සොයා ගැනීමට නොහැකිව ඔවුන් අතුරුදන් වී තිබුණි.
ඔවුනගේ මව්පියන් ඒ පිළිබඳව කරන ලද දැනුම්දීමෙන් පසු , යුද හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුමක් සිදුකර ළමුන් පිරිස සොයා ගෙන තිබේ .
පේරාදෙණිය රෝහලට යොමු කරන ලද මුදාගත් පිරිසගේ තත්ත්වය සාමාන්‍ය බව වාර්තා වෙයි.