අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගය ලබන නොවැම්බර් 10 වැනිදා සිටියේ දෙසැම්බර් 05 වැනි දා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුවේ සඳහන් කරයි.
ඒ අනුව විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද (26දා) ආරම්භ වේග ලබන ජුලි 21දා දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් පත් යොමු කළ හැකිය.
සියලුම පාසල් අයදුම්කරුවන් සිය විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් ඊට අදාළ උපදෙස් අනුවද මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කළ යුතුය.
පෞද්ගලික අයදුම්කරුවන් එම අයදුම්පත් යොමු කිරීමේදී සිය ජාතික හැඳුනුම්පත හා ඊට අදාළ තොරතුරු ඉදිරිපත් කළ යුතු වේ.