ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (26දා) පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිළ මේ වන විට කඩුළු 01ක් දැවී ලකුණු 203ක් වාර්තා කර ගෙන සිටී. එහිදී අනගි ශතකයක් වාර්තාකිරීමට ආරම්භක පිතිකරු පැතුම් නිෂ්ශංක සමත්විය. ඔහු මේ වන විට නොදැවී ලකුණු 101ක් වාර්තා කර ගෙන සිටී. දිනේෂ් චන්දිමාල් නොදැවී 59යි. ශ්‍රී ලංකා පිළ තවත් ලකුණු 44ක් පිටුපසිනි සිටී.
Reading: පැතුම්ගෙන් යළි ශතකයක්