ඔරුගොඩවත්තේදී ත්‍රීරෝද රථයක් මතට අද (26දා) අලුයම 01.30ට පමණ කන්ටේනර් රථයක් පෙරළී ඇත.
ඔරුගොඩවත්ත මංසන්ධියේ විදුලි සංඥා පුවරු පසුකර කන්ටේනර් රථය ඔරුගොඩවත්ත දෙසට ගමන් කිරීමත් සමග මාර්ගයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක් මතට කන්ටේනරය පෙරළී තිබේ.
ත්‍රීරෝද රථයේ සිටි රියදුරා බරපතල තුවාල ලබා ඇති අතර කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහුව ගලවා ගැනීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇත.