අත්අඩංගුවට ගෙන මේවනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකාවක නොවේ යැයි එම සංගමය පවසා තිබේ .
රෝගීන් වෙත වෛද්‍ය උපකරණ වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි .
පොලිසිය ඇතුළු විවිධ පාර්ශ්ව විසින් සිදුකරන පරීක්ෂණ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත්වීමට සූදානම් නොමැති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩි දුරටත් කියා තිබේ .
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එවැනි වැරදි ක්‍රියාවන්හි නිරත වන පුද්ගලයන් ආරක්ෂා නොකරන බව ද , මෙවැනි සිදුවීම් රාජ්‍ය සෞඛ්‍ය සේවාවට අහිතකර ලෙස බලපාන බව ද වෛද්‍ය චමිල් විජේසිංහ පවසා තිබේ .
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන මෙවැනි වැරදි වැළැක්වීමට ගතහැකි ක්‍රියාමාර්ග නිර්දේශ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවද වෛද්‍ය චමිල් විජේසිංහ පැවැසුවේය.