හිටපු නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
මීට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් ආචාරය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාට භාර දී ඇත.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන මහතා පසුගිය දා එම ධූරයට සමුදුන් අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ලබන ජුලි 01 වැනිදා වැඩභාර ගැනීමට නියමිතය.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වත්මන් රජයේ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළේය.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කරයි
