Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වගා නොකළ ඉඩම් වගා කිරීම තුළින් සියලු ගොවීන්ට හොඳ ආර්ථික ශක්තියක් දෙනවා – අක්කර 2000ක බඩඉරිඟු වගාව අරඹමින් ඇමැති කේ. ඩී. ලාල්කාන්ත කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වගා නොකළ ඉඩම් වගා කිරීම තුළින් සියලු ගොවීන්ට හොඳ ආර්ථික ශක්තියක් දෙනවා – අක්කර 2000ක බඩඉරිඟු වගාව අරඹමින් ඇමැති කේ. ඩී. ලාල්කාන්ත කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

වගා නොකළ ඉඩම් වගා කිරීම තුළින් සියලු ගොවීන්ට හොඳ ආර්ථික ශක්තියක් දෙනවා – අක්කර 2000ක බඩඉරිඟු වගාව අරඹමින් ඇමැති කේ. ඩී. ලාල්කාන්ත කියයි

3 days ago
74 Views

‘එක මිටට ගොවි බිමට’ ජාතික වගා වැඩසටහන

බඩඉරිඟු අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගන්නත් සූදානම්

ඇමැතිවරු 5ක් කළ කෘෂිකර්ම අමාත්‍යාංශය දැන් කරන්නේ එක ඇමැතිවරයයි

පුරන් ඉඩම් යළි වගාවට දිස්ත්‍රික්ක 22ක අද වැඩසටහන් අරඹනවා – ඇමැති නාමල් කරුණාරත්න

‘එක මිටට ගොවි බිමට’ යන තේමාව යටතේ රජය මගින් ආරම්භ කර ඇති වගා නොකළ ඉඩම් වගා කිරීම මගින් සියලුම ගොවීන්ට ආර්ථික ශක්තියක් ලබා දෙනවා වගේම ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙනවා’ යැයි සියලුම කෘෂිකාර්මික ඉඩම් වගා කිරීමේ ජාතික වැඩසටහනට සහභාගි වූ පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා කන්තලේ සීනි කර්මාන්ත ශාලා භූමියෙන් ආරම්භ කරමින් එසේ පැවසීය.

කර්මාන්ත ශාලා භූමියේ අක්කර 2000ක බඩඉරිඟු වගාකිරීම මේ තුළින් ආරම්භ කළ අතර ඇමැතිවරයා යන්ත්‍රානුසාරයෙන් ගොවීන් සමග බඩඉරිඟු බීජ සිටුවීමේ අවස්ථාවට එක්විය.

මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 22ක් පුරා ආරම්භ කෙරුණු අතර මේ සඳහා තෝරාගෙන ඇති ඉඩම් ප්‍රමාණය අක්කර එක්ලක්ෂ දාහත්දහස් අනූපහකි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා,

“එක මිටට ගොවි බිමට” යන වැඩසටහනට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3500ක් වෙන් කරලා තියෙනවා. අපේ අයවැය ඉදිරිපත් කරලා සම්මත කරගත්තේ මාර්තු 21දා. ඉදිරි මාස හයකට මේ මුදල වියදම් කරන්න ඕන. මේ ව්‍යාපෘතිය යටතේ බඩඉරිඟු වගාව සඳහා පමණක් රුපියල් මිලියන 627ක් වෙන් කරලා තියනවා. මේ මුදලින් ගොවිබිම්වලට යන පාරවල්, ඇළවේලි සකස් කිරීම ප්‍රතිසංස්කරණය කිරීම සිදු වෙනවා. කන්තලේ සීනි සමාගම යටතේ ඇති මෙම භූමිය තුළ වගා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 10ක් වෙන් කරලා තියනවා. මේක ජාතික වැඩසටහනක්. එක ගොවියෙකුට බීජ මිලදී ගන්න හරි ඒ හා සම්බන්ධ වැඩවලට රජය මගින් අක්කරයකට රුපියල් 10,000ක මුදලක් ප්‍රදානය කරනවා. සමහර ගොවීන්ට මේ වැඩේ ගැන යම් යම් ප්‍රශ්න තියනවා. ඒවා කතා කරලා විසඳගන්න පුළුවන්.

ලංකාවේ බඩඉරිඟු අවශ්‍යතාවයෙන් භාගයක්ම ගෙන්නේ පිටරටින්. ඒ සඳහා ලංකාවෙන් විශාල මුදලක් පිටරටට ඇදී යනවා. අපිට භූමිය තියනවා නම් ආර්ථික වශයෙන් උවමනාව තියනවා නම් ජාතික ආර්ථිකය ගොඩනැඟීමේ කර්තව්‍යයට මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න පුළුවන්. මෙහි අස්වැන්න මිලදී ගැනීම සම්බන්ධයෙන් සැකයක් තියාගන්න එපා. අපි ඒ ප්‍රශ්නයට විසඳුම් හොයලා ඉවරයි. මේ බඩඉරිඟු අස්වැන්න ආහාර ප්‍රවර්ධන මණ්ඩලයෙන් සාධාරණ මිලකට ගොවීන්ගෙන් මිලදී ගැනීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ.

මීට පෙර රජයන් අපේ මේ අමාත්‍යාංශය කෑලි පහකට කඩලා ඇමැතිවරු පස්දෙනෙක් පාලනය කළා. ලේකම්වරු පස් දෙනෙක් හිටියා. දැන් එක් ඇමැති වරයෙක් හා එක් ලේකම් වරයෙක් යටතේ මේ කටයුතු ඉතා අමාරුවෙන් හරි සිද්ධ වෙනවා” යැයි කීය.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා – මේ ප්‍රදේශයේ ජනතාවට ඉඩම් ප්‍රශ්න, ජල ප්‍රශ්න තියෙනවා. අපි මේ බිමට අවස්ථා ගණනාවකදීම පය ගහලා තියනවා. එතකොට මේ භූමියට එන්න පාරක්වත් නැතිව වල්වැදිලා තිබුණේ. වගා නොකළ ඉඩම් වගා කිරීමේ සංකල්පය යටතේ මේ ජාතික උත්සවයට සමගාමීව ලංකාවේ දිස්ත්‍රික්ක 22ක් පුරා සමාරම්භක වැඩසටහන් පැවැත්වෙනවා. අඩු භූමියක වැඩි ඵලදාව ලබාගත හැකිවන පරිදි අපගේ විද්‍යාගාර 32ක් පුරා පස් සාම්පල් පරීක්ෂා කිරීම සිදු කෙරෙනවා යැයි කීය.

මෙහිදී අක්කර 2000ක බඩඉරිඟු වගා කිරීම සඳහා තෝරාගත් ගොවීන් පිරිසකට ඉඩම්වලට ප්‍රවිශ්ට වීමේ අවසර පත්‍ර නිකුත් කිරීමද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, දිසාපති මහේෂ් හේමන්ත කුමාර, ගොවිජන සේවා අධ්‍යක්ෂ ජෙනරාල් යූ. බී. රෝහණ රාජපක්ෂ යන මහත්වරු ද එක්වූහ.

කන්තලේ – වික්‍රමසිංහ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

7 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

4 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

මහා යුද්ධයක පෙරනිමිති – ඉරාන-ඊශ්‍රායල ගැටුම උග්‍ර අතට

ප්‍රධාන පුවත්

කොළඹ කාටද තීන්දුව අද

ප්‍රධාන පුවත්

විපක්‍ෂයෙන් පත්වූ සභිකයන් 223 කගේ නම් මැකොට තාමත් ලැබී නෑ

ප්‍රධාන පුවත්

හිටපු ඇමැති දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධියේ වෙන්දේසියට

ප්‍රධාන පුවත්

ජ්‍යෙෂ්ඨතම රංගධාරිනියට ලැබුණු උත්තම උපහාරය……

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok