Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉගෙන ගන්න හරිම දක්‍ෂයි: මම ලොකු වුණාම ආච්චිට සලකනවා කියා මුණුබුරා නිතරම කිව්වා – ආච්චි සාක්ෂි දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉගෙන ගන්න හරිම දක්‍ෂයි: මම ලොකු වුණාම ආච්චිට සලකනවා කියා මුණුබුරා නිතරම කිව්වා – ආච්චි සාක්ෂි දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

ඉගෙන ගන්න හරිම දක්‍ෂයි: මම ලොකු වුණාම ආච්චිට සලකනවා කියා මුණුබුරා නිතරම කිව්වා – ආච්චි සාක්ෂි දෙයි

1 day ago
1162 Views

රජවක විදුහලේ ගොඩනැගිල්ලට ගසක් කඩා වැටීමෙන් මියගිය සිසුවාගේ මරණ පරීක්ෂණය:

“මෙම දරුවා හැදී වැඩුණේ මා ළඟයි. මීට වසර කීපයකට පෙර සිට මොහුගේ මවුපියන් වෙන් වී ජීවත්වනවා. මෙම දරුවාගේ පියා ඉන්නේ බෙලිඅත්තේ. ඉකුත් 12 දා දහවල් එකයි තිහට පමණ මට ආරංචි වුණා රජවක විද්‍යාලයට බෝ ගසක කොටසක් කඩා වැටිලා කියා. මගේ මුණුබුරා එම පාසලේ 13 වසරේ ඉගෙනුම ලබනවා. මට හරියට බය හිතුණා. පසුව පාසලට යන විට මේ දරුවා ඇතුළු දරුවන් පිරිසක් තුවාල ලබා බලන්ගොඩ රෝහලට යැවූ බව දැන ගත්තා. මම රෝහලට ගියා. එහිදී දැන ගන්නට ලැබුණා මේ දරුවා මියගියා කියා. මොහු ඉගෙන ගන්න හරිම දක්ෂයි. මට නිතරම කිව්වා ආච්චි මම ලොකු වුණාම ආච්චිට සලකනවා කියා. මම උයන කෑම හරිම රසයි කියා නිතර කියනවා. ඒ සියලු බලාපොරොත්තු සුන්වුණා” යැයි හදිසියේ මියගිය ඩබ්ලිව්. ඒ. කිවිර හිරුජය (17) නමැති පාසල් සිසුවාගේ මරණය පිළිබඳ පරීක්ෂණයේදී (13දා) ඔහුගේ ආච්චි වූ රජවක බිබිලවල ගමේ පදිංචි එල්. හේමාවතී නමැති අය සාක්ෂි දෙමින් පැවසුවාය.

බලන්ගොඩ මහෙස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනෙවිය විසින් පාසල් ගොඩනැගිල්ලට ගස කඩා වැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය සිදු කරන ලදී.

මෙහිදී මියගිය සිසුවාගේ පියා වූ ඩබ්ලිව්. ඒ. අජිත් චන්ද්‍රසිරි (53) නමැති අය පුතාගේ සිරුර හඳුනා ගත් අතර පුතා ඔහුගේ ආච්චි ළඟ හැදුන වැඩුන බව සාක්ෂි දෙමින් පැවසීය.

බලන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඊ. ඒ. රණසිංහ මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර සාක්ෂි මෙහෙයවීම බලන්ගොඩ පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ. ඩබ්ලිව්. සුනිල් මහතා විසින් සිදු කරන ලදී. මෙම අනතුර 12 දින පස්වරු 1.15 ට පමණ අවසන් පීරියඩ් එකේදී සිදු වූ බව පරීක්ෂණයේදී හෙළිවිය.

මේ පිළිබඳව ලබන 26 දා වැඩිදුර පරීක්ෂණය සිදු කෙරෙන බැවින් අදාළ පාර්ශවයන්ට එදිනට අධිකරණයේ පෙනී සිටීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

බලන්ගොඩ – එන්. එච්. පියසේන

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

5 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

1 day ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

22 hours ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

2 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

ප්‍රාදේශීය පුවත්

කමිටුවේදී දේශබන්දු කරමුලටම අහුවෙන සාක්ෂි

ප්‍රාදේශීය පුවත්

වගාව එපා කියන කණ්ඩලම ගොවියෝ !

ප්‍රාදේශීය පුවත්

වධහිංසා වින්දිතයාට වෙඩි…වෙඩිල්ලට මිතුරා බිලි

ප්‍රාදේශීය පුවත්

දොස්තරගේ පරණ කාර් විජිතය…වෛද්‍ය උපාලි සූරියආරච්චි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok