අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා ලබන 13 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද (11දා) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගැනුණි.