මඩකලපුව මහ නගර සභාවේ බලය සමගි ජන බලවේගයේද සහායෙන් පිහිටුවීමට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සමත් වී ඇත.
ඒ අනුවල ඉලංකෙයි තමිල් අරසු කච්චි අපේක්ෂක සිවම් පක්කියනාදන් මහතා අද (11දා) එහි නගරාධිපති ධුරයට තේරී පත් වූ බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා සිය එක්සි ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබේ.
සිවම් පක්කියනාදන් මහතා මෙලෙස නගරාධිපති ධුරයට තේරීපත් වන්නේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහය ද ඇතිවය.