Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සුදුවතින් බැබළුණු අනුරපුරය – සාදු නදින් ගිගුම් දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සුදුවතින් බැබළුණු අනුරපුරය – සාදු නදින් ගිගුම් දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

සුදුවතින් බැබළුණු අනුරපුරය – සාදු නදින් ගිගුම් දෙයි

4 days ago
1451 Views

අනුබුදු මිහිඳු මාහිමිගේ ලංකාගමනයට වසර 2332යි
අටමස්ථානය, මිහින්තලේ සහ තන්තිරිමලේ ජනගඟකින් වැසෙයි
දන්සල් දහසකට වැඩියි
තැන තැන බැති ගී සංදර්ශන
දර්ශනීය පොසොන් තොරණ

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිදුවී වර්ෂ 2332ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සංවිධානය කොට තිබූ පිංකම්වලට සහභාගිවීම සඳහා දිවයිනේ නන්දෙසින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය, මිහින්තලේ සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථාන සුදෝ සුදුවතින් සැරසී පැමිණ සිටි සැදැහැවතුන්ගෙන් පිරී පැවතිණි. මේ හේතුවෙන් එම සිද්ධස්ථාන එකම හිස් ගොඩක් බවට පත්විය.

අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක සාහිත්‍යසූරී ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන, මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන සහ තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන යන නාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා මත අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් සහ පොසොන් උත්සව කමිටුවේ සභාපති රංජිත් විමලසූරිය මහතාගේ මූලිකත්වයෙන් එම සියලු පිංකම් සංවිධානය කොට තිබිණ

මේ අතර අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල පිහිටි සියලු

විහාරස්ථානවලදී ලක්ෂයකට අධික උපාසක උපාසිකාවෝ පෙහෙවස් සමාදන් වූහ.

ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සංවිධානය කොට තිබූ එම පිංකම් අතර දාන ශීල භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා, හේවිසි ශබ්ද පූජා සහ මල් පහන් පූජා ආදී පිංකම්ද පැවැත්විණි.

පොසොන් කලාපයේ දන්සැල් දහසකට වැඩි සංඛ්‍යාවක් පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා සංවිධානය කර තිබෙන අයුරු දක්නට ලැබිණි.

එමෙන්ම මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමය මගින් වසර අටකට පමණ පසු අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළ ප්‍රදේශයේ දී දර්ශනීය පොසොන් තොරණක් ප්‍රදර්ශනය කර තිබූ අතර සිද්ධස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල මිහිඳු මාහිමි ගුණ සමරා විශේෂ බැති ගී සංදර්ශන සංවිධානය කොට තිබිණ.

සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ බැතිමතුන්ගේ පහසුව සඳහා ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක සේවා සහ ප්‍රවාහන සේවා පහසුකම් නොඅඩුව සලසා තිබෙන අයුරුද දක්නට ලැබිණ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, මිහින්තලේ – රංග චතූ සහ නාච්චදූව – ප්‍රභාත් වනසිංහ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

5 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

1 day ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

23 hours ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

2 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

ප්‍රාදේශීය පුවත්

කමිටුවේදී දේශබන්දු කරමුලටම අහුවෙන සාක්ෂි

ප්‍රාදේශීය පුවත්

වගාව එපා කියන කණ්ඩලම ගොවියෝ !

ප්‍රාදේශීය පුවත්

වධහිංසා වින්දිතයාට වෙඩි…වෙඩිල්ලට මිතුරා බිලි

ප්‍රාදේශීය පුවත්

දොස්තරගේ පරණ කාර් විජිතය…වෛද්‍ය උපාලි සූරියආරච්චි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok