Thursday, 12 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ලෝක සාගර දිනය සැමරේ….
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 12 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ලෝක සාගර දිනය සැමරේ….
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

ලෝක සාගර දිනය සැමරේ….

2 days ago
194 Views

සෑම වසරකම ජුනි මස 08 වැනිදාට යෙදෙන ලෝක සාගර දිනය නිමිත්තෙන් වන ජාතික වැඩසටහන 08 වැනි ඉරිදා කොළඹ වරාය නගර වෙරළ පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යාංශ ලේකම් කේ. ආර්. උඩුවාවල, ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනේ නිලධාරීන් සහ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් ද ඊට සහභාගි වූහ. සාගරයේ වටිනාකම සහ සාගරය ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කරමින් ලෝක සාගර දිනය සමරනු ලබන අතර මෙවර එහි තේමාව වන්නේ “සුරකිමු අප රකින අසිරිමත් මහ සයුර” යන්නයි. කොළඹ වරාය නගර වෙරළ පරිශ්‍රයේදී -Colombo Port City හිදී පැවැති මෙවර සැමරුම් දිනයට සමගාමීව ක්‍රියාකාරකම් රාශියක් සංවිධානය කර තිබුණේ පාසල් දරුවන්ගේ හා ප්‍රජාවගේ අවධානය සාගර පරිසර පද්ධතියට යොමු කරමින්.

සාගර පරිසර පද්ධතියට අදාළව එහිදී ප්‍රදර්ශනයක් පැවති අතර ඊට ප්‍රදර්ශන කුටි 35ක් පමණ ඇතුළත් විය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මූලිකත්වයෙන් සංවිධානය කළ වැඩසටහන සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන, පරිසර අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනවල සහයෝගයද ලබා දී තිබිණි. සමුද්‍ර ජීවී ප්‍රදර්ශනයක්, පාසල් ළමුන් සහ කුඩා ළමුන් සඳහා චිත්‍ර තරගයක්, සමුද්‍ර අපද්‍රව්‍ය භාවිතා කරන නිර්මාණ තරග, මුහුදු වැලි යොදා කරන නිර්මාණ තරගයක් ද සංවිධානය කර තිබුණි. මීට අමතරව මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහන්, සමුද්‍ර දූෂණය පිළිබඳ විද්වත් කථිකාවක්, ප්‍රදර්ශනාත්මක වොලිබෝල් තරගයක් සහ වීථි නාට්‍ය ද ලෝක සාගර දිනයට සමගාමීව සංවිධානය කර තිබිණි.

සාගර පරිසරයට එදිනෙදා වන බලපෑම අවම කිරීමටත්, සාගර පරිසර දූෂණය වැළැක්වීමටත්, සාගර පරිසරය හා බැඳුණු ධීවර මෙන්ම සංචාරක කර්මාන්තවල තිරසාර බව සහතික කිරීමටත් මහජනතාවගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද මෙම දිනයේදී සහ එම වැඩසටහන්වලදී අවධානය යොමුවිණි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

2 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

6 days ago

අශෝක අධිරාජ්‍යයා තැනූ ස්ථූපයකින් සොයාගත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයකට ඉන්දියාව සැරසෙයි

3 days ago

මං මර්වින්

4 days ago
Related News
විශේෂාංග

හොර පාරෙන් සිරකරුවන් නිදහස් කිරීමත් ජාවාරමක් ද?

අතිරේක විශේෂාංග

ජනබසට පණ දුන් මහැදුරු ජේ.බී. දිසානායක

අතිරේක විශේෂාංග

සිංහල පාඨකයාට ජගත් සාහිත්‍යයේ දොර විවර කරන අව්ව ඇති තැනක්

විශේෂාංග

ඓතිහාසික කොස් ගසට අරක්ගත් කතරගම දෙවියෝ

විශේෂාංග

උරුමය – කවි පිටුව

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok