ඊයේ ( 08 ) පෙරවරුවේ මාවතගම කර්මාන්තපුර හන්දිය ප්‍රදේශයේදී කරන ලද වැටලීමකදී මත්පෙති අලෙවි කරනු ලබන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ .අනතුරුව කරන ලද වැඩිදුර විමර්ශන වලදී , මත් කරල් බෙදාහරින ලද සැකකාරියක් ද වාරියපොල , යටිකඳුරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන් ඇත .ඒ මත්කරල් 9657ක් සමගය .මාවතගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ .
අදාළ සැකකරු වයස අවුරුදු 25 ක් වන ඊතනවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය වයස අවුරුදු 37 වන ඉපලව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ගැහැණු පිරිමි දෙන්නෙක් – මත්කරල් ගොන්නක් අත්අඩංගුවට
