නීති විරෝධි දුම්වැටි 7600 ක් (කාටූන් 28) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම වැටලීම සිඳු කර ඇත්තේ ඊයේ (08) රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් ලැබුණු තොරතුරක් මත බව පොලීස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබේ .
20 වියැති සැකකරු ඇලබඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර ඇත .
වැඩිදුර විමර්ශන ,පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය විසින් සිදු කරනු ලබන්නේය .
