Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දිඹුලාගල ඇල්ලේවැවෙහි දිය නෑමට ගිය මව සහ දියණිය සමග සිව්දෙනෙක් දියේ ගිලී මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දිඹුලාගල ඇල්ලේවැවෙහි දිය නෑමට ගිය මව සහ දියණිය සමග සිව්දෙනෙක් දියේ ගිලී මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

දිඹුලාගල ඇල්ලේවැවෙහි දිය නෑමට ගිය මව සහ දියණිය සමග සිව්දෙනෙක් දියේ ගිලී මරුට

June 9, 2025
782 Views

දියේ ගිලුණු අය බේරාගැනීමට කතුන් තිදෙනා වැවට පනී

දිඹුලාගල ඇල්ලේවැවෙහි 08දා උදෑසන 9.00 ට පමණ දිය නෑමට ගිය පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනකු දියේ ගිලී මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ සිට ඇල්ලේවැව ප්‍රදේශයේ ඥාති නිවසකට 08 දින උදේ පැමිණි පිරිසකි. 08 දින උදේ පැමිණි ඔවුන් ගමන් මහන්සිය නිවා ගන්න දිය නෑමට ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ රැෆ්ටන් වත්ත, බංගලාවත්ත රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි ලිහිණි පතිනිකා ද සිල්වා, කේ. මේනකා දර්ශනී, ගුනානන්ද වඩුගේ රුවන් තාරක ද සිල්වා, මල්ලිකා ආරච්චිගේ තිලෝකමා තිලකරත්න යන අය බව ඒ සම්බන්ධ පරීක්‍ෂණ පවත්වන අරලගංවිල පොලිසිය පවසයි. මියගිය අයවලු‍න් අතර මව සහ දියණියක්ද වන බව පොලිසිය පවසයි. කොළඹගේ මේනකා සහ ගුනානන්ද වඩුගේ රුවන් යන අය දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

ඇල්ලේවැව 332 ලිපිනයේ පදිංචි කේ. රංග ප්‍රියදර්ශන මහතාගේ ඥාති නිවසට ඔවුන් 08දා පැමිණීමෙන් අනතුරුව ඇල්ලේවැවෙහි දියනෑමට ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බව අරලගංවිල වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනෙවිරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.

ඇල්ලේවැව වැවෙහි දිය නෑමට ගිය අවස්ථාවේදී පිරිමි පුද්ගලයා පළමුව ගැඹුරු ස්ථානයේ ගිලීමත් සමග ඔහු බේරා ගැනීම සඳහා මෙම කාන්තාවන් තිදෙනා වැවට පැන ඇති අතර එහිදී ඔවුන්ද දියේ ගිලී ඇති බව මූලික පරීක්‍ෂණවලින් තහවුරු වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතාගේ උපදෙස් මත අරලගංවිල වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනවිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මෙම අනතුරු පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

දිඹුලාගල – ප්‍රසන්න සිල්වා , ඇලහැර නිශ්ශංක වෙලගෙදර සහ දෙහිඅත්තකණ්ඩියේ -රණතුංග

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

හිටපු ඇමැති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් සෝපානයක හිරවී මියගිහින්

ප්‍රාදේශීය පුවත්

අගරදගුරු පූජකවරයේ ස්වර්ණ ජුබිලය දා

ප්‍රාදේශීය පුවත්

නිල් පැහැති පාසල් බෑගයක රෙදි කැබලි සහ කුඩා ළමයකුගේ බවට සැක අස්ථි කොටස්

ප්‍රාදේශීය පුවත්

ගම්පොළ හොර පොහොර වෙළෙඳසල වටලයි

ප්‍රාදේශීය පුවත්

අසනීපයට බෙහෙත් ගන්න ගොස් කෝවිලෙන් දුන් දියරය පානය කළ රෝගියා මියයයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok