Monday, 7 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ළමුන් වැඩියෙන්ම අපයෝජනය වන්නේ පවුලේ සමීපතමයන් අතින්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 7 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ළමුන් වැඩියෙන්ම අපයෝජනය වන්නේ පවුලේ සමීපතමයන් අතින්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

ළමුන් වැඩියෙන්ම අපයෝජනය වන්නේ පවුලේ සමීපතමයන් අතින්

July 7, 2025
137 Views

නියෝජ්‍ය පොලිස්පති ඩී. එම්. යූ. මහින්ද දිසානායක

“අනාරක්ෂිත ළමුන් වැඩියෙන් අපයෝජනයට ලක්වෙන්නේ පිටතින් ආපු අය අතින් නෙමෙයි. තමන්ගේම සමීපතමයන් අතින්. එක්කෝ පියා එහෙම නැත්නම් සහෝදරයා, ඥාතියා, අල්ලපු ගෙදර පුද්ගලයා අතින්. ඒ නිසා දැයේ දරුවන් ආරක්ෂා කර ගැනීම අපි සියලු දෙනාගේම වගකීමක් වෙනවා” යැයි ත්‍රිකුණාමලයේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ඩී. එම්. යූ. මහින්ද දිසානායක මහතා පැවසීය.

ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ගඟතලාව එක්සත් මාධ්‍ය සංසදයේ සිව්වැනි සංවත්සර සැමරුමට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ කීය. මෙම සැමරුම පෙරේදා (05 දා) ත්‍රිකුණාමලය තානායමේදී පැවැත්විණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා, “ළමයි වැඩි වශයෙන් අපයෝජනයට ලක්වන්නේ පවුල්වල ඇති ගැටලු නිසා. මව හෝ පියා දික්කසාද වීම, එහෙම නැත්නම් විදේශගතවීම ආදී කාරණා නිසා. එවැනි පවුල්වල දරුවන් ඉන්නේ එක්කෝ කිරිඅම්මා ළඟ. නැත්නම් අත්තම්මා ළඟ. මෙවැනි අනාරක්ෂිත දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා විශාල කාර්යභාරයක් මාධ්‍යවේදීන්ට කළ හැකි වෙනවා. ඒ නිසා මේක මම අවස්ථාවක් කර ගන්නවා මේ කාරණාව කියන්න. ළමයි අපයෝජනවලින් මුදවා ගන්න ඔවුන්ට ආරක්ෂාව සලසන්න නැගෙනහිර පළාතේ ‘සරෝජා’ කියලා වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වැඩසටහන ත්‍රිකුණාමලයේ ක්‍රියාත්මක කරගෙන යනවා.

සමාජයේ තෙවැනි ඇස විදියට අපි සලකන්නේ මාධ්‍යවේදීන්. පියවී ඇසට නොපෙනෙන දේවල් ඔබ තමුන්නාන්සේලට පේනවා. සමාජයේ අසාධාරණයට ලක්වන්නන්ට සාධාරණය ඉටුකරදීම ඒ වගේම සමාජය අභිප්‍රේරණයට ලක් කිරීම ඔබ තමුන්නාන්සේලට කළ හැකියි. පොලිස් නිලධාරියා හා මාධ්‍යවේදියා අතර මනා සම්බන්ධයක් තිබිය යුතුයි. පොලිස් නිලධාරීන් ඔබට පේන දේට වඩා නොපෙනෙන විශාල වැඩ කොටසක් කරනවා. සමාජය යම් අපරාධයක් සිදුවුණාම අපරාධකරුවා අගය කිරීම හෝ ඉහළට ඔසවා තැබීම කරන්න එපා. ඔවුන්ගේ අපරාධය ඒ ආකාරයෙන් ලියලා අධිකරණ ක්‍රියාවලිය දක්වා ලියන්න. එතකොට තමයි තවත් අපරාධයක් කරන කෙනෙක් ඉන් පෙළඹිලා ඉන්නව නම් ඉන් වැළකෙන්නේ” යැයි කීහ.

මෙම අවස්ථාවට එක්වූ ත්‍රිකුණාමලය අතිරේක දිසාපති එස්. සුදාකරන්, කින්නියා ප්‍රාදේශීය ලේකම් එම්. එච්. මොහොමඩ් කනි යන මහත්වරුද අදහස් දැක්වූහ. මෙහිදී සංවත්සරය සමරා පැමිණි ආරාධිත අමුත්තන් අතින් මාධ්‍යවේදීන්ට සමරු තිළිණ ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවූහ.

ත්‍රිකුණාමලය අතිරේක දිසාපති එස්. සුදාකරන් මහතා අතින් මාධ්‍යවේදීන්ට සමරු තිළිණ ප්‍රදානය කරද්දී නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා ද පසෙකින් සිටී.
සේරුවිල – සුගත් විජේකුමාර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

ප්‍රවේශමින් නිෂ්ක්‍රීය කළ යුතු බෝම්බයක්

July 2, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අනුරාධපුර නුවරවැවේ පාර ඇරිය හැකිදැයි බලන්න නියෝජ්‍ය ඇමැති ගිය ‘ගමනට’ ගේට්ටු වැසෙයි!

ප්‍රාදේශීය පුවත්

හදවත රිදුණත් මගීන් ගැන සිතූ යාපන ලංගම බස් රියැදුරුට සැවොම තුති පුදති

ප්‍රාදේශීය පුවත්

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

ප්‍රාදේශීය පුවත්

මීමුරේට නැවත දන්වන තුරු එන්න එපා

ප්‍රාදේශීය පුවත්

කෝටි එකහාමාරක විස්කි සහ කරදමුංගු ගෙනා හතරක් රේගු දැලේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok