ජනප්‍රිය ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා ගෙන් පහර කෑ බව කියන තරුණයකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමුකර ඇත.
මෙම ගුරුවරිය විසින් කළ පැමිණිල්ලකට අනුව තමන්ව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම තුළින් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අදාළ තරුණයා මෙම පෙත්සම යොමුකර තිබේ.
පෙත්සම සලකාබැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී දින නියම කර ඇත.