කිලිනොච්චියේ , වෙත්තිලේකේනි ප්‍රදේශයේ ඉඩමක් තුල තිබී පුපුරා නොගිය අධිබලැති බෝම්බ කීපයක් හමුවූ බව මරතන්කෙනි පොලිසිය සදහන් කරයි.
අදාළ ඉඩමේ හිමිකරු විසින් මෙම ඉඩම ශුද්ධ පවිත්‍ර කිරීමට යාමේදී මෙම බෝම්බ හමුවී ඇති අතර පසුව ඔහු ඒ පිළිබද මරතන්කෙනි පොලිසිය දැනුවත් කර තිබේ.
එහිදී සම්පිඩිත බෝම්බයක් හා මෝටාර් බෝම්බ තුනක් හමුව ඇති අතර පොලිසිය කිලිනොච්චිය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයතු සිදු කිරීමට සැලසුම් කර ඇත.