පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02දා) අවසර ලබා දුන්නේය.
පෙත්සමෙන් ඉල්ලා තිබූ පරිදි අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් නොකරන බවත් විනිසුන් මඩුල්ල ප්‍රකාශ කළේය.