ලබන වසර (2026) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ලබන ඔක්තෝබර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අයවැය දෙවන වර කියවීම 2025 නොවැම්බර් මාසය තුළ සිදුකිරීමටත්, තෙවන වර අයවැය කියවීමේ විවාදය නොවැම්බර් සහ දෙසැම්බර් මාසව පැවැත්වීමටත් හැකි වන අයුරින් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.