“ඩයලොග් අභියෝග කුසලාන” අන්තර් පාසල් ලීග් ශුරතාවලිය
ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙය වීමෙන් දැන් ක්‍රියාත්මක “ඩයලොග් අභියෝග කුසලාන” අන්තර් පාසල් ලීග් ශුරතා වයස අවුරුදු 19 න් පහළ ප්‍රමුඛ පෙළ බාලක රග්බි පාපන්දු තරගාවලියේ 05 වැනි සතියේ තරග සිකුරාදා (04) ප.ව. 04.15 ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මහනුවර විද්‍යාර්ථ විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර තරගයෙන් ආරම්භ කෙරේ.
මෙහි තරග 07 ක් සෙනසුරාදා (05) ක්‍රියාත්මක කෙරෙන අතර එක් තරගයක් පමණක් ඉරිදා (06) පැවැත් වීමට සැළසුම් කර තිබේ.
“ඩයලොග්” ආසිආටා සමාගමේ අනුග්‍රාහක ශක්තියෙන් බලගැන්වී තිබෙන මෙවර ප්‍රමුඛ පෙළ පාසල් ලීග් තරග මාලාවේ මූලික වටය කාණ්ඩ 03ක් යටතේ පැවැත් වේ. මූලික වටය යටතේ පැවති තරග ආශ්‍රිතව තම අපරාජිත බව ආරක්ෂා කර ගනිමින් පෙරමුණ ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් (ලකුණු 24), කොළඹ ඉසිපතන (ලකුණු 24), කොළඹ රාජකීය (ලකුණු 24), මහනුවර ත්‍රිත්ව (ලකුණු 24), කොළඹ වෙස්ලි (ලකුණු 23) යන විදුහල් සමත් විය. ඒ අනුව මෙතෙක් අපරාජිතව බව සනාථ කර ගෙන සිටින ත්‍රිත්ව විදුහල සහ රාජකීය විදුහල පල්ලේකැලේ දී ද ශාන්ත තෝමස් විදුහල සහ ඉසිපතන විදුහල ගල්කිස්සේ දී ද මේ සති අන්තයෙහි මුහුණට මුහුණ හමු වනු ඇත. අපරාජිත වෙස්ලි විදුහල මේ සතියේ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී පරාජයන් දෙකකට හිමිකම් කියන ආනන්ද විදුහලට එරෙහිව තරග වදිති.
මේ අතර වාරයේ දී මුහුණ දුන් තරග සියල්ලම පරාජය ලැබූ පාසල් සංඛ්‍යාව 04 කි. කොළඹ තර්ස්ටන්, මහනුවර ශාන්ත අන්තෝනි, මහනුවර ධර්මරාජ සහ ගල්කිස්ස විද්‍යා විදුහල් එම කණ්ඩායම් වෙති. ඒ අනුව තම පළමු ජයග්‍රහණය පතා විද්‍යා විදුහල සහ ශාන්ත අන්තෝනී විදුහල ගල්කිස්සේ දී තරග බිමට අවතීර්ණ වනු ඇත.
මේ සතියේ තරග සැළසුම
සිකුරාදා (04)
තර්ස්ටන් සහ විද්‍යාර්ථ අතර සුගතදාස පිටියේ දී
සෙනසුරාදා (05)
ශාන්ත පීතර සහ ඩී.එස්.සේනායක අතර බම්බලපිටියේදී
සාන්ත තෝමස් සහ ඉසිපතන අතර ගල්කිස්සේ දී
වෙස්ලි සහ ආනන්ද අතර හැව්ලොක්ස් පිටියේ දී
සහිරා සහ මහානාම අතර මරදානේ දී
ශාන්ත ජෝසප් සහ ශ්‍රී සුමංගල අතර ලොන්ඩන් පෙදෙසේ දී
ත්‍රිත්ව සහ රාජකීය අතර පල්ලේකැලේ දී
ධර්මරාජ සහ කිංග්ස්වුඩ් අතර නිත්තවෙල දී
ඉරිදා (06)
ශාන්ත අන්තෝනි සහ විද්‍යා අතර ගල්කිස්සේ දී
අනුරුද්ධ හේරත් බණ්ඩාර