Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශූරතාව කොළඹ උතුර කණ්ඩායමට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශූරතාව කොළඹ උතුර කණ්ඩායමට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ශූරතාව කොළඹ උතුර කණ්ඩායමට

July 2, 2025
111 Views

19න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය

ආරම්භක පිතිකරුවන් වූ දුල්නිත් සිගේරා (68), සහ අවීෂ් සමාෂ් (45) එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 104 කදී ගොඩනංවන ලද ලකුණු 114 ක සාර්ථක සම්බන්ධතාවය පෙරටුකොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් 2025 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට චාමික හීනටිගලගේ නායකත්වයෙන් යුතු කොළඹ උතුරු කණ්ඩායම පසුගිය (30 දා) පස්වරුවේ සමත්විය. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අදාළ අවසන් මහ තරගයේදී කොළඹ දකුණු කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කළ කොළඹ උතුරු කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රු. ලක්ෂ 5ක මුදලකට ද හිමිකම් කීවේය.

කාසියේ වාසිය දිනූ කොළඹ උතුරු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් විමත් දින්සරගේ නායකත්වයෙන් යුතු කොළඹ දකුණු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9කට ලකුණු 233ක ඉලක්කයක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දුන්නේය. එම හඹා ගිය කොළඹ උතුරු පිතිකරුවෝ පන්දුවාර 40.5ක් අවසනදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 5ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

ජයග්‍රාහි කොළඹ උතුරු කණ්ඩායම වෙනුවෙන් ඉදිරි පෙළින් පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් තිදෙනාම ලකුණු 40 සීමාව ඉක්මවමින් ලකුණු රැස් කළහ. ඔවුන් අතරින් කැපී පෙනුණු ආරම්භක පිතිකරුවා වූ දුල්නිත් සිගේරා හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් පන්දු 60 කදී වේගවත් ලකුණු

68 ක් රැස්කර ගත්තේය. ඔහුට අමතරව අනෙක් ආරම්භක පිතිකරුවා වූ අවීෂ සමාෂ් පන්දු 57 කදී ලකුණු 45ක් ද අංක 3 සෙනුජ වෙකුණගොඩ පන්දු 51 කදී ලකුණු 41ක් ද රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

පන්දු යැවීමේදී ආරම්භක පන්දු යවන්නා වූ දහම් නිර්මාල් කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුවද එය ඔවුනගේ පරාජය වළකාලීමට තරම් ප්‍රමාණවත් නොවිණ. තරගයේ ජය කොළඹ උතුරු කණ්ඩායම සතු වද්දී දහම් යවන ලද පන්දුවාර 8.5 කදී ලකුණු 73ක් උදුරා ගැනීමට එම පිතිකරුවෝ සමත්වී සිටියහ.

36 වැනි පන්දුවාරයේදී වෙකුණගොඩ දැවී යන විට කොළඹ උතුරු ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 208ක් වශයෙන් සටහන්ව තිබිණ. අනතුරුව පිටියට පිවිසි නායක චාමික හීනටිගල පන්දු 41 කදී ලකුණු 29ක් තම කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු වන තෙක් පන්දුවට පහර දුන්නේය.

කොළඹ දකුණු කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් සුවහස් ප්‍රනාන්දු සහ රෙහාන් පීරිස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 135 කදී ලකුණු 91ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. මෙහිදී ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සුවහස් ප්‍රනාන්දු, පන්දු 123 කදට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 80ක් ලබා ගත්තේය. ඔහුගේ සහායකයා වූ රෙහාන් පීරිස් පන්දු 69 කදී හතරේ පහර 7ක් ද සමගින් ලකුණු 53ක් රැස් කළේය.

කෙසේ වෙතත් අනතුරුව පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් අතර හිරුන් මතීෂට (22) හැරුණු කොට සෙසු එකම පිතිකරුවකුට හෝ ලකුණු 20 සීමාව පසුකර යෑමට අවස්ථාව ලබා නොදීමට කොළඹ උතුරු පන්දු යවන්නෝ වග බලා ගත්හ. කොළඹ දකුණු කණ්ඩායමට මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවස්ථාව තිබුණ ද ඔවුන්ගේ ඉනිමේ දුවද්දී දැවී 3 ක් වාර්තා වීම ඊට හේතු විය. සුවහස් ප්‍රනාන්දු, නායක විමත් දින්සර (18) සහ හිරූෂ ප්‍රනාන්දු (01) එසේ දුවද්දී දැවී ගිය පිතිකරුවෝ වූහ.

පන්දු යැවීමේදී මානස සුභාෂණ සහ පූර්ණ කල්හාර කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී නායක චාමික හීනටිගල සහ දුනික් පෙරේරා කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

තරගාවලියේ ජය සංකේත ප්‍රධානය අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති වින්ස්ටන් ජයසිංහ සහ එහි ලේකම් වනෝජ් විජේසිංහ සහ භාණ්ඩාගාරික තුෂාර ප්‍රේමකුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙහිදී අවසන් මහ තරගයේ වීරයා සම්මානය කොළඹ උතුරු කණ්ඩායමේ දුල්නිත් සිගේරා විසින් දිනාගත් අතර ඔහුට එම කුසලාන සමඟ මුදලින්

රු. 50,000 ක මුදලක් පිරිනැමිණ. මීට අමතරව තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තරග 4 කදී කඩුලු 8ක් දවා ගත් මහනුවර කණ්ඩායමේ සුමේධ ප්‍රසාද් ද දක්ෂතම පිතිකරුවා ලෙස තරග 4 කදී ලකුණු 266 ක් ලබා ගත් මහනුවර කණ්ඩායමේම දිමන්ත මහවිතාරණද සම්මාන දිනා ගත් අතර ඔවුන් දෙදෙනාටම එම කුසලාන සමග මුදලින් රු. 75,000ක් පිරිනැමිණ.

මීට අමතරව තරගාවලියේ වීරයා ලෙසින් පන්දුවෙන් තරග 5 කදී කඩුලු 6ක් සහ පිත්තෙන් ලකුණු 150ක් ලබා ගත් කොළඹ උතුරු කණ්ඩායමේ නායක චාමික හීනටිගල නම් කෙරිණ. ඔහුට එම කුසලාන සමග මුදලින් රුපියල් ලක්ෂයක් පිරිනැමිණ.

කොළඹ දකුණ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9ක් දැවී ලකුණු 232 යි – (රෙහාන් පීරිස් 53, සුවහස් ප්‍රනාන්දු 80, හිරුන් මතීෂ 22, විමත් දින්සර 18, දිනෙත් පීරිස් 13, ජේසන් ප්‍රනාන්දු 16, දහම් නිර්මාල් 17, පූර්ණ කල්හාර 27/2, මානස මදුභාෂණ 35/1, චාමික හීනටිගල 31/1, දුනික් පෙරේරා 51/1)

කොළඹ උතුරු කණ්ඩායම පන්දුවාර 40.5 කදී කඩුලු 5ක් දැවී ලකුණු 233 යි – (දුල්නිත් සිගේරා 68, අවීෂ සමාෂ් 45, සෙනුජ වෙකුණගොඩ 41, පූර්ණ කල්හාර 19, චාමික හීනටිගල 29, ඩිනෝෂ් ගමගේ 06★, දහම් නිර්මාල් 73/3 මලින්ත සිල්වා 28/1, දිනෙත් පීරිස් 35/1)

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ක්‍රී​ඩා

පන්දු රකින්නන්ට ඕනෑම වේලාවක තරගයක් වෙනස් කළ හැකියි – වනිඳු හසරංග

ක්‍රී​ඩා

ජයග්‍රහණයේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව අද තරග බිමට

ක්‍රී​ඩා

ඩයලොග් හෙට දිනයේ ශූරයන් බලගන්වද්දී පාසල් රග්බි ලීගය උණුසුම් වෙයි

ක්‍රී​ඩා

විශ්වවිද්‍යාල 16කට ක්‍රිකට් ආයතනයෙන් උපකරණ

ක්‍රී​ඩා

ලිවර්පුල් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ඩියෝගෝ අනතුරකින් මරුට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok