පසු ගිය අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ බහුදින ධීවර යාත්‍රාවලින් මෙරටට රැගෙන ආ , හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,758ක් භාරයට ගෙන ඇතැයි පොලීස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ .
වැටලීම් 4ක් හරහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මෙම මත්ද්‍රව්‍ය තොගය භාරයට ගත් බව එම නිවේදනයේ දැක්වේ .
එම මාස දෙක තුළදී සැකකරුවන් 25 දෙනෙකුද , ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියන 10.84ක් බවත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 12.16ක් බව එම නිවේදනයේ දැක්වේ .