Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025
5286 Views

ගම්පහ බණ්ඩාරනායකය වසර පහක් මෙරට හොඳම පිරිමි පාසල…

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 100%යි

ප්‍රශ්නය තවත් වැඩිවෙන්න කලින් විසඳුම් දෙන්න…

වසරකට මොරටුව සරසවියට විතරක් ළමයි 60කට වැඩියි…

ශිෂ්‍යත්ව සමත් සිසුන් පමණක් භාරගන්නා මෙරට එකම පිරිමි පාසල…

පාසල් පරිපාලනයේ දෝෂ නිසා විනය පිරිහිලා…

ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු – සිසුවියන් පමණක් ඇතුළත් කරගන්නා මෙරට පාසල් කිහිපයකි. කොළඹ දේවි බාලිකා, ගම්පහ රත්නාවලිය සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල ඒ අතර ප්‍රමුඛ ය. එම පාසල් ත්‍රිත්වය අතරින් ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් පමණක් ඇතුළත් කරගන්නා මෙරට එකම පිරිමි පාසල ‘ගම්පහ බණ්ඩාරනායක’ විදුහල ය. ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව මෙරට හද්දවන්නියේ ශිෂ්‍යත්ව සමත් දරුවන් ද ලකුණු මට්ටම අනුව ඇතුළත් කරගන්නා ගම්පහ බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපන ලබනුයේ අතිදක්‍ෂ සිසුන් ය. සෑම වර්ෂයකදීම අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ විභාගවලින් දිස්ත්‍රික්ක සහ ජාතික මට්ටමේ ඉදිරියෙන්ම සිටින ගම්පහ බණ්ඩාරනායකයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වන ප්‍රතිශතය 100% කි. A-9 සහ A-8 අතිවිශිෂ්ට ප්‍රතිඵල වාර්තා කිරීමත් සුවිශේෂී වේ.

2024 වර්ෂයේදී ගණිත අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ සිසුන් අතරින් සමස්ත ලංකා ප්‍රථම, තෙවැනි සහ පස්වැනි ස්ථාන ලබාගෙන ඇත්තේ බණ්ඩාරනායක විදුහලේ සිසුන් තිදෙනෙකි. පසුගිය වර්ෂයේදී ඉංජිනේරු තාක්‍ෂණ අංශයෙන් සමස්ත ලංකා හයවැනි ස්ථානය ලබාගෙන ඇත්තේ ද බණ්ඩාරනායක විදුහලේ ශිෂ්‍යයෙකි. එම වර්ෂයේදී සමස්ත ලංකා වැඩිම ලකුණුලාභීන් අතර 34 දෙනෙක් බණ්ඩාරනායක විදුහලේ සිසුන් ය. සෑම වර්ෂයකදීම කලා, වාණිජ, ගණිත, විද්‍යා, තාක්ෂණවේදය අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනීසිටින ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සිසුන් විශාල පිරිසක් මුල් පෙළ ප්‍රතිඵල අතර සිටීම ද විශේෂත්වයකි. වසරකට මොරටුව විශ්වවිද්‍යාලයට පමණක් ළමයි 60 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් වෙති. වසර පහක් අඛණ්ඩව මෙරට හොඳම පිරිමි පාසල ගම්පහ බණ්ඩාරනායක විදුහල බවට පත් වී ඇත්තේ එම පාසලේ සිසු දරුවන්ගේ දක්‍ෂතාවය නිසා ය. එම සුවිශේෂීත්වය හෙයින් බණ්ඩාරනායක විදුහලට ශිෂ්‍යත්ව හපනුන් ඇතුළත් කිරීමට දෙමවුපියන්ගේ දැඩි උනන්දුවක් තිබෙන බව සැබෑ ය.

1918 වර්ෂයේදී ආරම්භ කර ඇති බණ්ඩාරනායක විදුහල කාලයත් සමග ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වර්ධනය වෙමින් වර්තමානය වන විට 6000 කට ආසන්න සිසුන් සංඛ්‍යාවක් ඉගෙනුම ලබන 1AB කාණ්ඩයේ ජාතික පාසලක් බවට පත් වී ඇත්තේ අධ්‍යාපනය පමණක් නොව, විෂය බාහිර ක්‍රියාකාරකම්වලදී ද ජාත්‍යන්තර මට්ටමේ තරග ජයග්‍රහණ නිතැතින්ම ලබාගන්නා නිසා ය. ක්‍රිකට්, පාපන්දු, අත්පන්දු, රගර්, බාස්කට් බෝල්, කබඩි, හොකී, බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස්, පිහිනුම්, චෙස් ඇතුළු සියලු ක්‍රීඩා මෙන්ම පෙරදිග හා අපරදිග තූර්යවාදක කණ්ඩායම්, බාලදක්‍ෂ, පරිසරභට කණ්ඩායම් අතරින් බණ්ඩාරනායක විද්‍යාලයට 19 වැනි වතාවක් සමස්ත ලංකා ශූරතාවය දිනා දී ඇත්තේ ශිෂ්‍යභට කණ්ඩායම යි. අඛණ්ඩව ජයග්‍රහණ හිමි කරගත් බණ්ඩාරනායක ශිෂ්‍යභට කණ්ඩායම 2012 වර්ෂයෙන් පසු පසුබෑමකට ලක්විය. වසර 26 කට පසුව නැවත බණ්ඩාරනායකයේ සිසුහු 2024 වර්ෂයේදී ශිෂ්‍යභට ජයග්‍රහණයක් ලබාගත්හ. එම වර්ෂයේදී ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක් දිනාගැනීමට බණ්ඩාරනායක විදුහලේ ශිෂ්‍යයන් සමත් වී ඇත. එමෙන්ම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට අනන්‍ය වූ ‘එක්ස් බෑන් ප්‍රදර්ශනය සහ සැණකෙළිය’ මෙරට පාසල් ක්‍ෂේත්‍රයට ම ආභිමානයක් ලෙස හැඳින්විය හැකි ය.

වසර 107 ක් වැනි දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ගම්පහ බණ්ඩාරනායක විදුහල මෙරට පමණක් නොව, ජාත්‍යන්තරයේ ද බැබළෙනුයේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ සහ තිරයෙන් පිටුපස තිබෙන දැවැන්ත ශක්තිය නිසා ය. බණ්ඩාරනායක විදුහලේ සංවර්ධනයට තිරයෙන් පිටුපස සිට දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන ආදි ශිෂ්‍ය සංගමය සහ දෙමවුපියන් රාශියක් මේ මොහොතේ අප අසල සිටිති. ඔවුන් රැස් වී සිටිනුයේ මේ වන විට ගම්පහ බණ්ඩාරනායක විදුහලේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හෙළිදරව් කර රජයෙන් යම් පිළිසරණක් බලාපොරොත්තුවෙනි. ප්‍රථමයෙන් බණ්ඩාරනායක විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් දෙසට අපි යොමු වීමු. එම සංගමයේ විධායක ලේකම් එරන්ද අධිකාරි, චරිත් ජයතිලක, තිළිණ ජයවර්ධන ඇතුළු ආදි ශිෂ්‍යයන් කිහිපදෙනෙක්ම අදහස් පළ කිරීමට නොවිසිලිමත්ව සිටිති. මේ ඔවුන්ගේ පොදු හඬ ය.

“2022 – 23 අවුරුදු වෙනකොට පාසලේ ළමයෙක් යාළුවෙක්ට පොතක්, පෑනක් නොදෙන තරමට ආත්මාර්තකාමී වෙලා හිටියා. ළමයින්ගෙ එකම ටාගට් එක වෙලා තිබුණේ ඉහළ ලකුණු සංඛ්‍යාවක් අරගෙන විශ්වවිද්‍යාලයට යෑම විතරයි. ඒ නිසා පාසලේ ක්‍රීඩා දක්‍ෂතා යටපත් වුණා. පෞරුෂ වර්ධනය හීන වුණා. උදේ රැස්වීමේ පැය භාගයක් හිටගෙන ඉන්නකොට දෙසීයක් විතර ක්ලාන්තය දාන තත්ත්වයට පත් වුණා. ඒත් විභාග ප්‍රතිඵල ඉහළ ගියා. හිටපු විදුහල්පති විධිමත් අධ්‍යයනකින් පසුව අධ්‍යාපනය සමග යහපත්, පෞරුෂයක් සහිත තාක්‍ෂණ ලෝකය ජයගත හැකි පුරවැසියෙක් බිහි කිරීමට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරගෙන ගියා. එහි ප්‍රතිඵලයක් විදිහට 2024 අවුරුද්දෙ සමස්ත ලංකා ක්‍රීඩා ජයග්‍රහණ රාශියක් බණ්ඩාරනායකය දිනා ගත්තා. උසස් පෙළ, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වැඩි වුණා. උසස් පෙළ විභාගයෙන් ලංකාවේ පළමුවැනි 10 දෙනා අතරට ලකුණු ගන්න ළමයින්ට ගුවන් සවාරියක් ලබාදෙන බවට හිටපු විදුහල්පතිවරයා පොරොන්දු වුණා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් 300 ක් A-9 ක් ලබා ගත්තොත් දුම්රියෙන් උඩරට සවාරියක් රැගෙන යන බවට ළමයින්ට අභියෝගයක් භාර දුන්නා. තනියෙන් ටි්‍රප් යන්න ළමයි ට්‍රයි කළේ නෑ. බැච් එකම කෝච්චියෙන් උඩරට යන්න, යාළුවො සෙට් එකම ප්ලයිට් එකක සිංගප්පූරු යන්න තමයි ට්‍රයි කළේ. එවැනි දිරිගැන්වීම නිසා පාසලේ එකමුතුකම වර්ධනය වුණා. ළමයි එකිනෙකාට උදව් කරගන්න පුරුදු වුණා. දැනටත් පහුගිය අවුරුද්දෙ උසස් පෙළ විභාගයෙන් හොඳම ප්‍රතිඵල ගත්ත ළමයි 20 ක විතර ටීම් එකක් මෙවර උසස් පෙළට සූදානම් වෙන ළමයින්ට නොමිලේ පන්ති කරනවා…” මොහොතකට ඔවුහු නිහඬ වූහ.

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ගුරු මණ්ඩලය 230 කි. අනධ්‍යයන කාර්යමණ්ඩලය 70 කි. සාමාජිකයන් 4000 න් යුක්ත ආදි ශිෂ්‍යය සංගමය, පාසල් සංවර්ධන සමිතිය විසින් පාසලේ සියලු අඩුපාඩු සොයා බලා සම්පූර්ණ කරනු ඇත. එම සංගම්වලට ශක්තිය ලබාදීමට මෙරට මෙන්ම ලෝකය පුරා තවත් ආදි ශිෂ්‍යයන් 15,000 කට ආසන්න පිරිසක් සිටින බව ද වාර්තා වේ. ඒ සියලු ආදි ශිෂ්‍යයන්ගේ දායකත්වයෙන් හිටපු විදුහල්පතිවරයාගේ සංකල්පයකට අනුව පාසලේ අධ්‍යාපන ලබන අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නැංවීමට ජුකී මැෂින්, බ්ලෝක් ගල් මැෂින් වැනි ස්වයං රැකියා කරගෙන යෑමට අවශ්‍ය උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. කාලයක සිට පාසලේ පැවැති පානීය ජල ගැටලුවට සාර්ථක පිළියම් ලබා දුන්නේ ය. පාසලේ සෑම අංශයකටම සුපිරි වැසිකිළි පද්ධතියක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබිණි. බණ්ඩාරනායක විදුහලෙන් එළියට යන සෑම ළමයෙක්ම රැකියා නිර්මාණය කරන දක්‍ෂ ව්‍යවසයකයෙක් බවට පත් කිරීමට විධිමත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණි. එම ව්‍යාපෘතිවලට සහ පාසලේ සෙසු නඩත්තු කටයුතු සඳහා පසුගිය වර්ෂයේදී ආදි ශිෂ්‍ය සංගමය විසින් රුපියල් ලක්‍ෂ 480 ක දායකත්වයක් ලබා දී ඇත. 2025 වර්ෂයේදී ඊටත් වඩා විශාල මූල්‍යමය දායකත්වයක් ලබාදීමට බණ්ඩාරනායක ආදි ශිෂ්‍ය සංගමය සැලසුම් කර තිබිණි. පාසල සහ අධ්‍යාපනය ලබන ළමයි සංවර්ධනය කිරීමේ පස් අවුරුදු සැලසමක් ක්‍රියාත්මක කරමින් සිටි පසුබිමක විදුහල්පති මාරුවත් සමග සියලු වැඩකටයුතු ඇනහිට ඇති බව බණ්ඩාරනායක ආදි සිසුහු පැවසූහ.

“වර්ථමාන විදුහල්පතිවරයා බණ්ඩාරනායක විදුහලේ වැඩ භාරගැනීමට පෙර වෙන කිසිදු පාසලක විදුහල්පතිවරයෙක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, පාසල් පරීක්‍ෂකවරයෙක් විදිහට සේවය කරල නෑ. වෘත්තීය පළපුරුද්දක් නැති විදුහල්පතිවරයෙක්ට 6000 ට ආසන්න පිරිමි ළමයි ඉගෙනගන්න පාසලක් පාරිපාලනය කරන්න අමාරුයි. හරි හැටි පාසල පරිපාලනය කරගෙන යන්න බැරි විදුහල්පතිවරයෙක්ට අපි කැමැති නෑ. ඒ නිසා ආදි ශිෂ්‍ය සංගමය නැවත පාසලට උදව් නොකරන්න තීරණය කරලා තියෙනවා. දෙමවුපියොත් ඒ තීරණයේම ඉන්නවා…” පෙළගැසෙන කතාවට බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපනය ලබන ළමයි කිහිපදෙනකුගේ මවුපියෝ ද අදහස් ඉදිරිපත් කළහ. ඒ අතරින් ශ්‍යාමලී ඒකනායකගේ හඬ ඉස්සිණි. ඇය බණ්ඩාරනායක විදුහලේ 8 ශ්‍රේණියේ අධ්‍යාපන ලබන සිසුවකුගේ මවකි. මේ ඇය කියන කතාව ය.

“මේ වෙන කොට පාසලේ කුණු ඉවත් කරන්න වෙලා තියෙන්නෙත් දෙමවුපියන්ට. පහුගිය දවසක දෙමවුපියො එකතු වෙලා ගම්පහ නගර සභාවට කතා කරලා ට්‍රැක්ටර් ගෙන්නගෙන කුණු ඉවත් කළා. දැන් හැම සිකුරාදාටම කුණු ඉවත් කරන්න පාසලට එන්න කියලා දෙමවුපිය කණ්ඩායම්වලට වට්ස්ඇප් පණිවිඩ එවනවා. රැකියාවලට යන මවුපියන්ට නිවාඩු දාගෙන පාසලේ කුණු ඉවත් කරන්න එන්න බෑ. ඒ වගේම පාසලේ කුණු ඉවත් කරන දේවල් සොයා බලා කරවන්න ඕන විදුහල්පතිවරයා. ඒවට පාසලේ සේවකයො ඉන්නවා.

ඔවුන්ගෙන් වැඩ ගන්න විදුහල්පතිවරයා දැනගන්න ඕනෑ. පහුගිය කාලය පුරාවට මෙවැනි ගැටලු මතු වුණේ නෑ. ඉස්කෝලෙ කුණු ඉවත් කරන්න අපි ආවේ අවුරුද්දටම එක දවසයි. පාසලේ වැඩ නියාමාකාරයට කළමනාකරණය කෙරුණා. වර්තමාන විදුහල්පතිවරයා බණ්ඩාරනායකයේ වැඩ භාරගත්ත දවසෙ ඉඳලා හැම දේම කෙරෙන්නෙ රුහිතෙට. පාසලේ ළමයෙක්ට අසනීපයක් හැදුණම වේදනා නාශක පෙත්තක් දෙන්නත් සල්ලි අය කරනවා. පහුගිය දවසක මගෙ පුතා අසනීප වෙලා ප්‍රථමාධාර අංශයට ගියාම වේදනා නාශක පෙති එකහමාරක් දීලා රුපියල් 20ක් අරගෙන තිබුණා. මෙවැනි දේවල් කිසිම දවසක වෙලා නෑ. අපිට ලැජ්ජයි…” ශ්‍යාමලී ඒකනායක කතාව නතර කරන ඇසිල්ලට අරුණ ප්‍රදීප් හඬ අවදි කළේ ය. ඔහුගේ පුතුන් දෙදෙනාම අධ්‍යාපනය බලනුයේ බණ්ඩාරනායක විද්‍යාලයේ ය. එමෙන්ම අරුණ ප්‍රදීප් බණ්ඩාරනායක විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. මහාචාර්යවරයෙක් ලෙස ඔහු බණ්ඩාරනායක විදුහලේ ප්‍රශ්නය දකිනුයේ මෙසේ ය.

“පහුගිය අවුරුදුවල පාසලේ දැඩිව විනය ක්‍රියාත්මක වුණා. මනා පරිපාලනයක් තිබුණා. නව තාක්ෂණයට ළමයි හුරු කළා. එහි ප්‍රතිඵලයක් විදිහට පාසලේ දැවැන්ත සංවර්ධනයක් වුණා. අධ්‍යාපන මට්ටමෙන් වගේම බාහිර ක්‍රියාකාරකම්වලින් ඉදිරියට පැමිණියා. කොළඹ ආනන්ද, නාලන්ද, රාජකීය විදුහල්වලට ඇතුළත් වෙන්න ලකුණු තියෙන ළමයිනුත් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළත්වීමේ ප්‍රවණතාවයක් ඇති වුණා. ගුරු මණ්ඩලය, හිටපු විදුහල්පතිවරුන්ගේ දක්‍ෂතාවය සහ ආදි ශිෂ්‍ය සංගමයේ ශක්තිය නිසා තමයි බණ්ඩාරනායක විදුහල සාර්ථකත්වයට පත් වුණේ. මේ වෙනකොට පන්ති කාමරවල තියෙන ස්මාර්ට් බෝඩ් ඉවත් කරන්න යන ආරංචියක් තියෙනවා. පාසලට ස්මාර්ට් බෝඩ් අරගෙන දුන්නෙ දෙමව්පියො සහ ආදි ශිෂ්‍ය සංගමය එකතු වෙලා. බෝඩ් එකක් රුපියල් ලක්‍ෂ 4 ක් 5 ක් විතර වුණා. ලංකාවේ පාසල්වලින් ස්මාර්ට් බෝඩ් වැඩි සංඛ්‍යාවක් තියෙන්නෙ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ…” අරුණ ප්‍රදීප්ගෙ කතාවට ඉනෝකා නිල්මිණී, චමිලා විජේතිලක, නිශාන් මධුරංග ඇතුළුව ආදි ශිෂ්‍යයෝ ද විටින් විට එකතු වූහ. මේ ඔවුන්ගේ පොදු හඬ ය.

“පාසලක් පරිපාලනය කරන්න සුදුසුකම් එක්ක පළපුරුද්දක් තියෙන්න ඕනෑ. ඒ වගේම මනා පෞරුෂයක් තියෙන්නත් ඕනෑ. ගම්පහ බණ්ඩාරනායකයේ පාරිපාලනය භාර දුන්නෙ දැවැන්ත චරිතවලට. මේ වෙනකොට ඒ තත්ත්වය පිරිහිලා තියෙනවා. පාසලේ ඉගැන්වීම් කටයුතු කෙරෙනවත් අඩුයි කියලා ළමයි කියනවා. සමහර ළමයි පාසල් වත්තෙ ඇවිද ඇවිද ඉන්නව ලු. තව අය පන්ති කාමරවල හෑන්ඩ් ක්‍රිකට් ගහනව ලු. අපේ ළමයි ඉස්සර ගෙදර ගිහින් පැය කිහිපයක් පාසලේ වැඩ කරනවා. දැන් එහෙම කරන්නෙ නෑ. පහුගිය කාලෙත් මේ ගුරු මණ්ඩලයම තමයි වැඩ කළේ. හරියට වැඩ ටික කෙරුණා. දැන් එහෙම නොකෙරෙන්නෙ පාසල් පරිපාලනයේ දුර්වලතාවයක් නිසයි. ගුරු මණ්ඩලයෙන්, අනධ්‍යයන කාර්යමණ්ඩලයෙන් වැඩ ගන්න විදුහල්පතිවරයා දක්‍ෂ වෙන්න ඕනෑ. විදුහල්පතිවරයා කෙළින් නොහිටින්න පිරිමි ළමයි 6000 ක් විතර ඉගෙනගන්න පාසලක් පාලනය කිරීම ලේසි නෑ. පිරිමි ළමයෙක් තම පෞරුෂය ගොඩනඟාගන්නෙ තාත්තා දිහා බලලා. පාසලේදී තාත්තා වෙන්නෙ විදුහල්පතිවරයායි. බණ්ඩාරනායක පාසලේ විදුහල්පතිවරයා සිසුන් 6000 ක තාත්තා කෙනෙක්. දැවැන්ත රූස්ස ගහක් විදිහට ළමයි ඉදිරියේ ඉස්මතු වෙන්න ඕනෑ. මෙච්චර කාලයක් බණ්ඩාරනායක පාසලේ විදුහල්පතිකම් දරපු අය දැක්කම බය වෙන විදිහට හිටිය නිසා තමයි හොඳ විනයක් පවත්වාගෙන යන්න පුළුවන් වුණේ. මත්ද්‍රව්‍යවලින් පිරුණු ගම්පහ වගේ නගර මාධ්‍යයේ පිරිමි පාසලක් පවත්වගෙන යන්න දැඩි විනයක් තියෙන්න ඕනෑ. පාසලේ විනය බිඳුණොත් දැවැන්ත විනාශයක් වෙනවා. නුදුරු කාලයේදී එහෙම දෙයක් වෙයි කියල අපිට ලොකු බයක් තියෙනවා…”

ශිෂ්‍යත්වය සමත් වූ පමණින් ළමයෙක් සාමාන්‍ය පෙළ, උසස් පෙළ කඩයිම් ජයග්‍රණය නොකරනු ඇත. ශිෂ්‍යත්වය ඉහළින් සමත් වී පාසල් අධ්‍යාපනය තුළ නොමඟ ගිය ළමයි ද බොහෝ ය. ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ ප්‍රතිඵල ඉහළ මට්ටමක පවතිනුයේ එම පාසලේ ක්‍රියාත්මක දැඩි විනය නීති රීති නිසාය. මනා පරිපාලනයක් විධිමත් රැකවරණයක් සහිතව පාසල් පවත්වාගෙන ගිය නිසා ය. උගත්, බුද්ධිමත්, ක්‍රියාශීලි ශිෂ්‍යයෙක් නිර්මාණය කිරීමට පාසලක් තුළ මනා පරිපාලනය තිබිය යුතුය. දක්‍ෂ, බුද්ධිමත් ළමයෙක් නොමඟ ගියොත් සමාජයට වන හානිය ද ප්‍රබල ය. ගම්පහ බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපනය ලබනුයේ ශිෂ්‍යත්වය සමත් බුද්ධිමත් පිරිමි ළමයි ය. දැනට බණ්ඩාරනායක විදුහලේ පවතින පරිපාලනමය ගැටලු නිසා ළමයි අයාලේ ගියොත් තත්ත්වය අතිශය භායනක ය. එහි අයහපත් ප්‍රතිඵල ලැබෙනුයේ තව වසර හත – අටකිනි. අශ්වයා පැන යෑමට පෙර ස්තාලය වසා දැමිය යුතුය.

එමෙන්ම වසරකට ශිෂ්‍යත්ව සමත් ළමයි 500 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් වන බණ්ඩාරනායක විදුහල ගම්පහට පමණක් නොව රට, ජාතියටම සම්පතකි. බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය ලබනුයේ අනාගතයේදී මෙරට නායකත්වයට පවා පත් විය හැකි දක්ෂය දරුවන් ය. එහෙයින් බණ්ඩාරනායක විදුහල ආරක්‍ෂා කරගැනීම ජාතියේ යුතුකමකි.

****

පෙරටත් වඩා අධ්‍යාපන කටයුතුවල සංවර්ධනයක් තියෙනවා විදුහල්පති ජගත් ජයකොඩි

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ජගත් ජයකොඩි මහතාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් එම පාසලේ උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය ගැන අපි විමසා බැලුවෙමු.

 පහතින් පෙළගැසෙනුයේ අපගේ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරු ය.

 පාසල් පරිපාලනයේ ගැටලු ඇති බවට චෝදනාවක් තියෙනවා…?

 සංඛ්‍යා ලේඛන තොරතුරුවලින් පාසලේ ඉගැන්වීම් කටයුතුවල පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරනවා. පෙරටත් වඩා මේ වනවිට අධ්‍යාපන කටයුතුවල සංවර්ධනයක් තියෙනවා. විෂය බාහිර ක්‍රියාකාරකම්වලත් කැපී පෙනෙන ප්‍රගතියක් තියෙනවා. මම පාසලට එනකොට තැන්, තැන්වල කසළ එකතු වෙලා තිබුණා. පිට්ටනිය අපවිත්‍ර වෙලා තිබුණා. නගර සභාව, දෙමවුපියෝ, පාසල් සේවකයෝ සම්බන්ධ කරගෙන පාසල සම්පූර්ණයෙන් ශුද්ධ පවිත්‍ර කළා. මේ වෙනකොට විධිමත් අයුරින් දෛනිකව කසළ බැහැර කිරීම සිද්ධ කෙරෙනවා. පාසලේ පිරිසිදු කටයුතුවලට දෙමවුපියන් ගෙන්වීමත් පෙරට වඩා අඩු කරලා තියෙනවා.

 පාසලේ සංවර්ධන කටයුතු මේ වෙනකොට අඩාල වෙලා ද?

 නෑ… පාසලේ සංවර්ධන කටයුතු පෙර පරිදිම ඉතාම හොඳින් කරගෙන යනවා.

 පාසලේ විනය පිරිහීමක් තියෙනවා කියලත් චෝදනාවක් තියෙනවා…

 විනය පිරිහීමක් තියෙනවා නම් පාසලෙන් බාහිරව බහුල වශයෙන් ළමයි රංචු ගැහැන්න ඕනෑ. මේ වෙනකොට පාසලෙන් එපිට ළමයි රැඳී සිටීමක් සිද්ධ වෙන්නෙ නෑ. ඉතාම සන්සුන් අයුරින් සියලු ළමයි පන්ති කාමරවල ඉගෙන ගන්නවා.

 ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ධුරයට පත්වීමට පෙර වෙන පාසලක විදුහල්පතිවරයෙක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ලෙස සේවකය කරල තියෙනවද?

 ඔබතුමා අහන ප්‍රශ්නයට මේ මොහොතේ උත්තර දෙන්න කැමැති නෑ. ඔය කාරණාව සම්බන්ධයෙන් දිගින්, දිගටම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීම් කරල තියෙනවා. රාජ්‍ය පරිපාලනයෙන් විමසීම් කරලා තියෙනවා. ඔබතුමාට ඒ ගැන විමසීමක් කරන්න පුළුවන්…

තරංග රත්නවීර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025

හිතුවක්කාර ලෙස දුම්රිය ඇද්දීමෙන් කුඩා දරු දෙදෙනෙක් අතරමං වෙති

June 26, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

මත්කුඩු ආරවුලකට තෝරකොළයාය තේක්ක කැලේ චමල් – කැලුම් එලොව යැවූ හැටි

ප්‍රාදේශීය පුවත්

දළදා දැක්මෙන් පසු මහනුවර අප ජල සහ කසළ කළමනාකරණය ගැන විමසුමක්

ප්‍රාදේශීය පුවත්

දොස්තර ගැටුම් මැද ජපුර රෝහලේ වකුගඩු බද්ධයේ අවුල

ප්‍රාදේශීය පුවත්

ගමක් නටන ගෙදරකට යන පෙරහැරක්

ප්‍රාදේශීය පුවත්

දිවි හිමියෙන් වනජීවීන් රකින්නට ගොස් රාජ උදහසට ලක්වූ අඩවි ආරක්ෂකයා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok