Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගමක් නටන ගෙදරකට යන පෙරහැරක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගමක් නටන ගෙදරකට යන පෙරහැරක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

ගමක් නටන ගෙදරකට යන පෙරහැරක්

June 29, 2025
213 Views

පන්සලක ඉඳන් ගෙදරකට යන ලංකාවේ එකම පෙරහැර

ඉස්සර පාර එළිය කළේ කැකුණ ගෙඩි තලල හදපු පන්දම්වලින්

අවුරුද්දට ගමට නාවත් පෙරහැරට එනවා

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඇල්ල, කිතල් ඇල්ල ශ්‍රී සුමනාරාම මහා විහාරය වසර 100ටත් වඩා ඉපැරණි විහාරස්ථානයකි. මීට වසර 100ට පෙර මෙම ස්ථානය ලාඕස්, තායිලන්ත, බුරුම, කාම්බෝජියා ඇතුළු දෙස් විදෙස් වෙළෙඳුන්ගේ නවාතැන් පළකි. එලෙස වෙළෙඳාමේ පැමිණි වෙළෙඳුන් කිරිගරුඩ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් රැගෙන ආවේ ඔවුන් අතර බුදු දහම වැළඳගෙන සිටි වෙළෙඳුන්ද සිටි බැවින් වැඳුම් පිදුම් කිරීම සඳහාය. එලෙස තැන්පත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේට එම වෙළඳුන්ට අමතරව අවට ගම් වැසියන් විසින්ද වැඳුම් පිදුම් කරන්නට පටන්ගත් අතර පසුකාලයේදී එම ස්ථානය විහාරස්ථානයක් දක්වා වර්ධනය වී තිබේ.

මෙම විහාරස්ථානය මූලික කරගෙන සිදුකරන පිංකම් අතර මහින්දාගමනය සිහිපත් කිරීම සඳහා පවත්වනු ලබන මිහිඳු මහා පෙරහැර මංගල්‍යයට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත. වසර 80ක ඉතිහාසයක් ඇති මෙම පෙරහැර මංගල්‍යය පසුගියදා විථී සංචාරය කළේ 81 වැනි වරටය.

ගම ම එක මිටට

වසර 80ක ඉතිහාසයක් ඇති මෙම පෙරහැර මුළු ගමක් එකට එක්කරවන හා මුළු ගමක දුවා දරුවන් නැට්ටුවන් බවට පත් කරවන සුවිශේෂී පෙරහැරකි. එමෙන්ම විහාරස්ථානයකින් පටන් ගෙන පුද්ගලික නිවක් කරා ගොස් එහි සුවිශේෂී වූ ආගමික වතාවත් සිදුකර යළි විහාරස්ථානය දක්වා අලි ඇතුන් සමග එන ලංකාවේ එකම පෙරහැරද මෙය වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

මෙම අපූරු පෙරහැර මංගල්‍යයේ වර්තමාන ප්‍රධාන අනුශාසක ලෙස කටයුතු කරන්නේ ඇල්ල කිතල්ඇල්ල ශ්‍රී සුමනාරාම මහා විහාරය, නෙටොල්පිටිය පුරාණ මහා විහාරය හා කැනඩාවේ මොන්ටි්‍රයල් බෞද්ධ මධ්‍යස්ථානය යන ත්‍රිත්ව විහාරාධිපති, දර්ශනපති පූජ්‍ය ඕමාරේ නන්දාලෝක නා හිමියන්ය. උන්වහන්සේ මෙම ඓතිහාසික පෙරහැර මංගල්‍යයේ යටගියාව පිළිබඳ කීවේ මෙවැන්නකි.

“අතීතයේදී ගාල්ල, මාතර ඇතුළු දකුණේ සිට පැමිණි වෙළෙඳුන් වගේම නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ ඇතුළු කඳුකර ප්‍රදේශවල සිට පැමිණි වෙළෙඳුන් සියලු දෙනා එකට එකතු වී බඩු හුවමාරු කරගත්ත හා විවේක ගත්ත ස්ථානය තමයි මෙම කිතල් ඇල්ල විහාරස්ථානය පිහිටි භූමිය. ලාඕස්, තායිලන්තය, බුරුම, කාම්බෝජියා ඇතුළු රටවලින් වෙළෙඳාමට පැමිණි වෙළෙඳුන් පවා මේ ස්ථානයේ තමයි නවාතැන් ගෙන විවේක අරගෙන තිබුණේ. එලෙස පැමිණි විදෙස් වෙළෙන්දෙක් තමයි මුලින්ම මේ ස්ථානයේ කිරිගරුඩ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කර වැඳුම් පිදුම් කර තිබෙන්නේ.

ඒ වකවානුවේදී ඌව පළාතේ හිටිය ප්‍රධාන සංඝනායක හාමුදුරුවන් වහන්සේ නමක් තමයි කිතල්ඇල්ලේ සංඝරාජ හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේගේ ඥාති පිරිසකට තමයි මෙම භූමිය අයත්ව තිබුණේ. පසුව 1933 වසරේදී මෙම ඉඩම විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා උන්වහන්සේගේ ඥාතීන් විසින් පූජා කිරීම සිදුකරනු ලබනවා සංඝරාජ හාමුදුරුවන් වහන්සේට. එලෙස පූජා කළාට පස්සේ මෙහි භාරකාරත්වය හිමි වන්නේ ඓතිහාසික දෝව රජමහා විහාරස්ථානයට.

පෙරහැරේ ආරම්භය

පියපුතු දෙදෙනා (බස්නායක නිළමේ හා පියා)

එකල ස්ථිර හිමි නමක් මේ විහාරස්ථානයේ නොසිටි නිසා මානන් සෙවිලි කළ තාවකාලික මඩුවක් පමණයි මෙහි තිබී ඇත්තේ. පස්සේ මේ විහාරස්ථානය වැඩි දියුණු කිරීමට මෙම විහාරස්ථානයට අවට ප්‍රදේශවල දායක දායිකාවන් එකතු කර ගැනීම සඳහා 1943 වසරේ පොසොන් පොහෝ දින කුඩා මල් පෙරහැරක් ආරම්භ කරනවා. පෙරහැර ආරම්භ කළාට මොකද පෙරහැර ගමන් කරන්න හරි හමන් පාරක් තිබුණෙත් නෑ. ඒ සඳහා මුදල් වියදම් කරන්න තරම් ශක්තියක් දායකයන්ට තිබුණෙත් නෑ. කඳු හෙල් අතරින් නැගලා බැහැලා තමයි මිනිස්සු ගමන් බිමන් ගියේ. ඉතින් ඒ කාලේ පෙරහැරක් කරන්න තියා හිතන්නවත් බෑ මේ පළාතේ.

නමුත් එකල වැඩි සිටිය නායක හාමුදුරුවන්ට ඕනි වුණා කොහොම හරි මේ පෙරහැර සිදුකරන්න. ඒ කාලේ මේ විහාරස්ථානයට හිටිය ප්‍රභූ දායක පවුලක් තමයි බඹරැන්ද ගමගේ ජිනදාස මහතා හා ඇසලින් වික්‍රමසිංහ මහත්මිය කියන්නේ. ඒ දෙපළ ආගම දහමට ඉතා ලැදි නිතර නිවස තුළ ඒ කාලයේ පවා මහ පිංකම් කරන දෙපළක්. ඔවුන් මේ පෙරහැර පැවැත්වීමේ වගකීම භාරගෙන තිබෙනවා. ඒත් එක්කම මේ පන්සලේ පිහිටි මානන් සෙවිලි කළ මඩුවක කිතල් ඇල්ල පාසලත් ආරම්භ කරනවා. ඒ හරහා ටිකෙන් ටික ජනතාව මේ ස්ථානයට ඇදී එන්න පටන් ගන්නවා. එය මේ පෙරහැර ශක්තිමත් කරන්න විශාල පිටිවහලක් වෙලා.

දෝව රජමහා විහාරය විසින් 1946 වසරේදී මෙම පන්සල හුණුපිටිය ගංගාරාමයේ වැඩ සිටිය දෙවුන්දර වාචිස්සර හිමියන්ට ත්‍යාග පත්තරයකින් ප්‍රදානය කරලා සංවර්ධනය කරලා වැඩි දියුණු කරගෙන යන්න කියලා. ඒ කාලේ පටන් කළුකොඳයායේ ප්‍රඤ්ඥාලෝක හිමියන් වගේ මහා යතිවරයන් වහන්සේ විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණි වැඩ සිට තිබෙනවා.”

පන්සලෙන් ගෙදරට මල් පෙරහැරක්

මෙම පෙරහැර පැවැත්වීමේ වගකීම භාරගත් දායක දෙපළ මීට අවුරුදු 80කට පෙර පොසොන් පොහෝදින විහාරස්ථානයේ සිට කිතල් ඇල්ල 03 කණුව පිහිටි ඒ දෙපළගේ නිවස වෙත මල් පෙරහැරක් ලෙස මේ පෙරහැර ආරම්භ කර ඇත. එකල කිතල්ඇල්ල පන්සලේ සිට 03 කණුවේ පිහිටි ජිනදාස බඹරැන්ද මහතාගේ නිවසට පෙරහැර ගොස් ඇත්තේ රේල් පාර දිගේය. පෙරහැර මාර්ගය එළිය කරගෙන ඇත්තේ කැකුණ ගෙඩි තලලා හදා ගත් පන්දම් වලිනි.

පෙරහැර කරඬුන් වහන්සේ සමග පන්සලේ සිට බඹරැන්ද මහතාගේ නිවසට ගොස් එතැන් සිට විශේෂ ආගමික වතාවත් හා පුද සත්කාර සිදුකොට ඉන් පසු පෙරහැරේ පැමිණි සියලු දෙනාට ආහාර පාන ලබා දී ඇත. ඉන් පසුව යළිත් පෙරහැර විහාරස්ථානය කරා ගමන් කර ඇත. එලෙස එදා පටන් ගත් පොසොන් මහා මල් පෙරහැර අද වන විට ඇල්ල ප්‍රදේශයේ පැවැත්වෙන මහා පෙරහැරක් බවට පත් වී අවසන්ය.

වර්තමානයේ මේ පෙරහැරේ බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කරන්නේ ජිනදාස බඹරැන්ද මහතාගේ මුණුබුරෙකු වන සශික බඹරැන්ද මහතාය. පෙරහැරේ මූලාරම්භකයා වූ ජිනදාස බඹරැන්ද මහතාගේ පුත් සුනිල් බඹරැන්ද මහතා පෙරහැරේ විකාශනය පිළිබඳ සිය මතකය අවදි කළේ මෙලෙසිනි.

පෙරහැර නිවසට පැමිණි පසු නිවස තුළ විශේෂ ආගමික වතාවත් සිදුකරන අයුරු

“මට දැන් වයස අවුරුදු 69ක්. මම මේ පෙරහැරට මුලින්ම සම්බන්ධ වෙනකොට මට වයස අවුරුදු 07යි. මගේ තාත්තා හා තාත්තගේ සහෝදර සහෝදරියන් තමයි මෙම පෙරහැරේ සියලු කටයුතු සිදුකළේ. අපි පොඩි කාලේ ඉඳන්ම ආගම දහමට තමයි නැඹුරුයි. ඒ කාලේ ඉඳන්ම හම්බකළ මුදලින් කොටසක් වෙහෙර විහාරස්ථාන වෙනුවෙන් ආගමික කටයුතු වෙනුවෙන් වෙන් කළා. අපිත් ඒ ආභාෂය ඒ අයුරින්ම මගේ දරුවන්ට දීලා තියෙනවා.

තාත්තගේ වියෝවෙන් පසු මම මේ පෙරහැර සියලු සංවිධාන කටයුතු සිදුකරගෙන ආවා. අද වන විට එහි සියලුම කටයුතු පිළිබඳව සොයා බලන්නේ මගේ පුතා. ඒ කාලේ මේ පෙරහැරට නැටුම් කණ්ඩායම් හැදුවේ මේ ගමේම දරුවන් එකතු කරගෙනයි. ඉතින් පෙරහැර තියන්න මාස දෙකක විතර ඉඳලා ගමේ දරුවන් මේ සඳහා පුරුදු පුහුණු වෙනවා. එහෙම පුහුණු වෙලා ඉතා අලංකාරවත් අලි ඇතුන් සහිත පෙරහැරක් අපි පැවැත්වීම සිදුකරගෙන ආවා.

අවුරුද්දටත් නැති සැලකිල්ලක්

මේ පෙරහැරේ තියෙන විශේෂත්වය තමයි ලංකාවේ කොහෙවත් නෑ පන්සලේ ඉඳන් ගෙදරකට අලි ඇතුන් නැටුම් කණ්ඩායම් එක්ක ධාතු කරඬුව රැගෙන පෙරහැරක්. ඒ චාරිත්‍රය අවුරුදු 80ක් තිස්සේ මෙහි සිදුවෙනවා. ඒ විතරක් නෙමේ ගමේ සියලුම දෙනා සිංහල අවුරුද්ද වගේ සමරන්නේ එකට එකතු වෙන්නේ මේ පෙරහැර දින ටිකේදී තමයි. අද වන විට ගමේ බොහෝ දෙනකු විවිධ පළාත්වල සහ විදෙස් රටවල තමයි සේවය කරන්නේ. ඒ අය පවා සිංහල අවුරුදුවලට ගෙවල් වල නෑවිත් මේ පෙරහැර සඳහාම එන්න කටයුතු කරනවා. ගමේ සියලුම දෙනා මහත් භක්තියකින් හා ගෞරවකින් යුතුවයි මේ පෙරහැර සමරන්නේ.”

විහාරාධිපති ඕබඩ කන්දේ සංඝානන්ද හිමියන්ගේ ගුරු හිමියන් විසින් අඩිතාලම දමා ආරම්භ කළ මේ පිංකමට අපවත් වී වදාළ ඕබඩකන්දේ සංඝානන්ද, නෙටොල්පිටියේ හේමාලෝක යන නා හිමියන් නායකත්වය ලබා දී ඇත. වර්තමානය වන විට මේ සඳහා ඇල්ල කිතල් ඇල්ල ශ්‍රී සුමනාරාම මහා විහාරය, නෙටොල්පිටිය පුරාණ මහා විහාරය හා කැනඩාවේ මොන්ටි්‍රයල් බෞද්ධ මධ්‍යස්ථානය යන ත්‍රිත්ව විහාරාධිපති, දර්ශනපති පූජ්‍ය ඕමාරේ නන්දාලෝක නා හිමියන් හා විහාරාධිකාරී කිතල් ඇල්ල විද්‍යාලයේ විද්‍යාලයාධිපති, ඇල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී කිතල්ඇල්ලේ ශාසනරතන හිමි නායකත්වය ලබා දීම සිදුකරයි.

අද ගමේ වැඩිහිටියන් මේ පෙරහැරේ කොඩි සේසත් රැගෙන යයි. ඒ මීට අවුරුදු 75කට පෙර කුඩා අවධියේදී මේ පෙරහැරේ කඩු සෙල්ලම්, තාලම්පට, බෙර වාදනය කළ දරුවන්ය. ඔවුහු අද වයෝවෘද්ධව සිටියත් මේ පෙරහැර දිහා බලා සතුටු වෙති. කෙතරම් වියපත් වුණත් තාමත් පෙරහැර හා එක්වීමට දැඩි කැමැත්තක් දක්වති.

ඇල්ල කිතල් ඇල්ල පොසොන් මහා පෙරහැරේ පිළිබඳ වත්මන් බස්නායක නිළමේ සශික බඹරැන්ද මහතාද සිය හඬ අවදි කළේය.

“මගේ සීයගේ ඉඳන් පාරම්පරිකව පවත්වාගෙන ආ මේ පෙරහැර මෙවර පැවැත්වෙන්නේ 81 වෙනි වරටයි. මෙවරත් පුරාණ රේල් පාරේ පෙරහැර ගමන් කිරීමේ චාරිත්‍රය සිහිපත් කරමින් එහි ගමන් කිරීම සිදුකරනු ලැබුවා. මහ පෙරහැර සඳහා මෙවර අලි ඇතුන් 15ක්, උඩ රට, පහත රට, සබරගමු ඇතුළුව නැටුම් කණ්ඩායම් 70ක් එකතු කර තිබුණා. පෙරහැර විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර ඇල්ල නගරය හරහා 03 කණුව පිහිටි මගේ මහගෙදර පිහිටි ස්ථානයට පැමිණ එහිදී ආගමික වතාවක් සිදුකරණු ලැබුවා. පසුව පෙරහැරේ පැමිණෙන සියළුම දෙනාට එහිදි ආහාර පාන ඇතුළු සියලු පහසුකම් ලබා දීම සිදුකරනු ලැබුවා.

ඒක පුරාණ චාරිත්‍රයක්… මොකද කඳු හෙල් පසු කරමින් කිලෝ මීටර් 05ක් පමණ එක් පැත්තකට පෙරහැර ගමන් කරන නිසා සියලු දෙනාට තෙහෙට්ටුව වැඩියි. ඒ නිසා තමයි පන්සලෙන් පටන් ගන්නා පෙරහැර 03 කණුවට පැමිණි පසු එහි පැය දෙකක් පමණ පෙරහැර ප්‍රමාද කරන්නේ. ඉන් අනතුරුව තමයි යළි පෙරහැර අප නිවසේ සිට විහාරස්ථානය සක්වා ගමන් ආරම්භ කරනු ලැබුවේ.”

පෙරහැර නිවසට පැමිණි පසු ඇල්ල කිතල් ඇල්ල ශ්‍රී සුමනාරාම මහා විහාරය, නෙටොල්පිටිය පුරාණ මහා විහාරය හා කැනඩාවේ මොන්ටි්‍රයල් බෞද්ධ මධ්‍යස්ථානය යන ත්‍රිත්ව විහාරාධිපති, දර්ශනපති පූජ්‍ය ඕමාරේ නන්දාලෝක හා කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද යන නායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා කිතල් ඇල්ල ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ විහාරාධිකාරී, කිතල් ඇල්ල විද්‍යාලයේ විද්‍යාලාධිපති පූජ්‍ය කිතල් ඇල්ලේ ශාසනරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් හා සංවිධානයෙන් යුතුව විශේෂ ආගමික වතාවත් හා චාරිත්‍ර අනුව පෙරහැර කරවන සියලු දෙනාට හා නැටුම් ශිල්පීන් සියලු දෙනාට ස්තුති කිරීමේ කෙටි උත්සවයක් පැවැත්විණි. ඊට ඌව පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ මැති ඇමැති වරුන් හා ප්‍රදේශයේ මහා සංඝරත්නය හා රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගි වූහ. මෙම පෙරහැරට සමගාමීව දන්සැල් 20ක් ස්ථාපිත කර තිබිණි.

සටහන හා සේයා රූ – මත්තල දිලීප් එන්. ජයසේකර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025

හිතුවක්කාර ලෙස දුම්රිය ඇද්දීමෙන් කුඩා දරු දෙදෙනෙක් අතරමං වෙති

June 26, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

මත්කුඩු ආරවුලකට තෝරකොළයාය තේක්ක කැලේ චමල් – කැලුම් එලොව යැවූ හැටි

ප්‍රාදේශීය පුවත්

දළදා දැක්මෙන් පසු මහනුවර අප ජල සහ කසළ කළමනාකරණය ගැන විමසුමක්

ප්‍රාදේශීය පුවත්

දොස්තර ගැටුම් මැද ජපුර රෝහලේ වකුගඩු බද්ධයේ අවුල

ප්‍රාදේශීය පුවත්

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

ප්‍රාදේශීය පුවත්

දිවි හිමියෙන් වනජීවීන් රකින්නට ගොස් රාජ උදහසට ලක්වූ අඩවි ආරක්ෂකයා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok