බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් නීතියේ රැහැනට හසුවන රියදුරන්ට රුපියල් ලක්ෂ 05ක දඩයක් සහ අවුරුදු 02ක සිර දඩුම් ලබාදෙන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවන තොරතුර ව්‍යාජ එකක් බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.
මෙම සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් වන අතර මෙවැනි ආකාරයේ අසත්‍ය තොරතුරු පලකර සමාජ ගත කරන අයට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය නීත්‍යානුකූලව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.
ඒ පිළව පොලිස් මාධ්‍ය කොට්ඨාශය මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර ඇත. බීමතින් රිය පැදවුවහොත් දඬුවම මෙසේය.
දැනට පවතින නීතිය අනුව බීමත්ව රිය පැදවීම මෝටර් වාහන සංශෝධිත පනතේ 07 වන වගන්තියෙන් සංශෝධනය වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 216 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් එය රුපියල් 25,000 සිට රුපියල් 30,000 දක්වා දඩයකට හෝ මාස 03කට වැඩි නොවන කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීම හෝ දෙකම හෝ රියදුරු බලපත්‍රය මාස 12කට වැඩි නොවන කාලයක් අත්හිටුවීම කළ හැකිය.