කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පෙරේදා (23දා) පැවැති ඒෂියා මිරකල් සම්මාන ප්‍රදානෝත්සවයේදී (Asia Miracle – 2025 award Ceremo) ‘දිවයින’ පුවත්පත සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීය. ඒ අනුව ‘දිවයින’ ඉරිදා සංග්‍රහයේ නියෝජ්‍ය කර්තෘ බුලිත ප්‍රදීප් කුමාර මහතා වසරේ හොඳම දේශපාලන විශේෂාංග රචකයාට හිමි සම්මානයෙන් ද ‘දිවයින’ මූල්‍ය හා ආර්ථික කර්තෘ ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා වසරේ හොඳම ආර්ථික පුවත් විශ්ලේෂකයාට හිමි සම්මානයෙන් සහ ‘දිවයින’ නියෝජ්‍ය ප්‍රධාන උප කර්තෘ උරුමය කවි පිටුව සංස්කාරක අනුරාධ හිරිපිටියගේ මහතා වසරේ පුවත්පත්වල හොඳම කවියාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය.


ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම සම්මාන උළෙලේදී බුලිත ප්‍රදීප් කුමාර, ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ අනුරාධ හිරිපිටියගේ යන මහත්වරුන් සම්මානයට පාත්‍ර වූ අයුරුයි.