Wednesday, 25 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දෙවැනි ටෙස්ට් තරගය අද එස්. එස්. සී පිටියේදී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 25 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දෙවැනි ටෙස්ට් තරගය අද එස්. එස්. සී පිටියේදී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

දෙවැනි ටෙස්ට් තරගය අද එස්. එස්. සී පිටියේදී

June 25, 2025
192 Views

ක්‍රීඩා ලෝලීන්ට තරගය නැරඹීම නොමිලේ

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයේදී තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් වූ මිලාන් රත්නායකට දෙවැනි ටෙස්ට් තරගය අහිමිව තිබේ.

ඒ පළමු ටෙස්ට් තරගය අතරතුරදී ආබාධයකට ලක්වීම නිසාවෙනි.

මිලාන් පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී පන්දුවට පහර දෙමින් ලකුණු 39ක් හා පන්දු යැවීමේදී කඩුලු 3ක් ද දෙවැනි ඉනිමේදී එක් කඩුල්ලක් ද දවාගනිමින් දස්කම් පෑවේය.

ඒ අනුව උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙන්නේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවීමටය.

කෙසේවෙතත් ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින විශ්ව ප්‍රනාන්දු පළමු ටෙස්ට් තරගය සඳහා වන සංචිතයට ඇතුළත් වී නොතිබුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 27කට ක්‍රීඩා කර ඇති විශ්ව කඩුලු 79ක් බිඳ හෙළා තිබේ.

තවද කණ්ඩායමට අලුතින් එක්ව සිටින දුනිත් වෙල්ලාලගේ මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් පාකිස්තානයට එරෙහිව 2022 වසරේදී එක් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර තිබේ.

පළමු ටෙස්ට් තරගයෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග දිවියට සමුදීම නිසා කණ්ඩායමෙන් ඉවත්ව යන අතර ඒ වෙනුවට පසිඳු සූරියබණ්ඩාර සහ පවන් රත්නායක පිතිකරුවන් ලෙස ශ්‍රී ලංකා සංචිතයට කලින්ම එක් කර තිබුණි.

දෙවැනි ටෙස්ට් තරගය අද ආරම්භ වන අතර එය 29 වැනි ඉරිදා දක්වා පැවැත්වෙන අතර තරගය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණයට පැමිණීම සඳහා නොමිලේ අවස්ථාව ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ ගේට්ටු අංක 03 සහ 04 හරහා තරගය නැරඹීමට බලාපොරොත්තු වන ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව තිබේ.

තරගය අද පෙ.ව. 10.00ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම – ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ඔෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිදු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, දුනිත් වෙල්ලාලගේ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, කසුන් රජිත, ඉසිත විජේසුන්දර, විශ්ව ප්‍රනාන්දු.

සුසිල් ජයකොඩි

සංස්කරණය – සුසිල් ජයකොඩි

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025
Related News
ක්‍රී​ඩා

සොනාල් දිනූෂ අද තරගයට බොහෝ දුරට ක්‍රීඩා කරයි – නායක ධනංජය ද සිල්වා

ක්‍රී​ඩා

දක්ෂතම ක්‍රීඩකයා මහනුවර කණ්ඩායමේ නායක පුලීෂ

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට රන් 06 රිදී 04 සහ ලෝකඩ 01 යි

ක්‍රී​ඩා

මහනුවර උසස් බාලිකාවෝ 5ක් ජාතික මහා ක්‍රීඩා උළෙලේ වූෂූ තරගාවලියට

ක්‍රී​ඩා

නෙට්බෝල් ශූරතාව කොළොන්නාව බාලිකා විද්‍යාලයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok