ගෝලීය ඉන්ධන මිල ගණන් පහත වැටී තිබේ .
ඒ , ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟය
රොයිටර් පුවත් සේවය ( REUTERS ) සහ එකොනොමික් ටයිම්ස් ( THE ECONOMIC TIMES ) වාර්තා කරන ආකාරයට , බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2.69කින් හෙවත් සියයට 3.76කින් ඩොලර් 68.79ක් දක්වා පහත බැස තිබේ .
එක්සත් ජනපද බටහිර ටෙක්සාස් අතරමැදි බොරතෙල් බැරලයක් ඩොලර් 2.7 ක් හෙවත් 3.94% කින් ඩොලර් 65.46 ක් දක්වා පහත වැටී ඇත .
මෙම අගය ජුනි 11න් පසු බොරතෙල් බැරලයක් අවම මට්ටමට ළඟා වූ මුල්ම අවස්ථාව බව එම මාධ්‍ය පෙන්වා දී තිබේ .