මෙම වසරේ 2025 ජුනි මාසයේ පළමු දින 10 තුළ දී 43,962ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී.
මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,073,765 බවයි ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් පවසයි. ජුනි මාසයේ පළමු දින 10 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ජුනි 05 වන දිනය. එම ප්‍රමාණය 5421ක කි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේල මෙම මාසයේ පළමු දින 10 තුළ පමණක් සංචාරකයින් 43,962 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවය.ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්ය. එම සංඛ්‍යාව 12,362 කි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3740 ක්ල බංගලාදේශයෙන් සංචාරකයින් 2717ක්, ජර්මනියෙන් 2439ක් සහ චීනයෙන් සංචාරකයින් 2403ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බවත් එම වාර්තාවල සඳහන්ය.