ඉරානයට එල්ල වී ඇති ඇමරිකානු ප්‍රහාරයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරේදා (22) හදිසියේ රැස් වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත මැදපෙරදිග කලාපය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි රටවල් 3ක් විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මේ අනුව රුසියාව,චීනය හා පාකිස්තානය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනා කර ඇත්තේ මැදපෙරදිග කලාපය තුළ කොන්දේශි විරහිත සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කෙටුම්පතක් වහා සකස් කර ක්‍රියාත්මක් කරන ලෙසයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහාලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් පවසා ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ඇමරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයන් හරහා භයානක හැරවීමක් සිදුව ඇති බවයි. ‘මෙම තත්ත්වය තුළ අප සටන් නතර කර ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව බරපතළ හා ඵලදායී සාකච්ඡා ඇරඹීම සඳහා වහාම හා තීරණාත්මකව ක්‍රියාත්මක විය යුතුයි’ ඔහු වැඩිදුරටත් පවසා තිබේ.