ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ ඇමරිකානු හමුදාවන් විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉරානයේ වත්මන් පාලන තන්ත්‍රයේ වෙනසක් සිදු වීම අපේක්ෂා කරන ආකාරයේ ප්‍රකාශයක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කර ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි. ඇමරිකානු ප්‍රහාරවලින් අනතුරුව සිය ‘ට්රුත් සෝෂල්’ සමාජ මාධ්‍ය ජාල ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රශ්න කර ඇත්තේ වත්මන් ඉරාන රෙජිමයේ වෙනසක් සිදු නොවන්නේ ඇයි? යනුවෙන.ි වත්මන් රෙජිමයට ඉරානය විශිෂ්ට ඝනයේ රටක් බවට පත් කිරීමේ හැකියාවක් නොමැතිනම් එම රෙජිමයේ වෙනසක් අවශ්‍ය බ එවැනි වෙනසක් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කනට මිහිරි සංගීතයක් වනු ඇතැයිද ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබේ. කෙසේ වුවද ඇමරිකානු ජනාධිපතිවරයාගේ මතයට වෙනස් මතයක් පළ කර ඇති ඇමරිකානු උප ජනාධිපති ජේ .ඩී වෑන්ස් පෙරේදා (22) පවසා ඇත්තේ ඇමරිකාව ඉරානය සමග යුද්ධයක නිරත නොවන අතර ඉරාන නායකයන් බලයෙන් නෙරපීමක් සිදු නොකරන බවයි.
මේ අතර වත්මන් ඉරාන රෙජිමය වසර 46කට පෙර බලයට පත් වීමෙන් අනතුරුව රෙජිමයට එරෙහිව මෙතෙක් එල්ල වූ දරුණුම ප්‍රහාරය වනුයේ ඉකුත් සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ ඇමරිකානු හමුදා විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල වූ ප්‍රහාරය බව විදෙස් මාධ්‍ය විසින් සඳහන් කර තිබේ. අදාළ ප්‍රහාරය ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ ජනාධිපති ධුර කාලයන් දෙක තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරීම ප්‍රහාරය බව එම වාර්තාවල සඳහක් වේ.
මේ අතර ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන එල්ල කළ ඇමරිකානු හමුදා ප්‍රහාරයන්, දැඩි මෙන්ම නිවැරදි ආකාරයෙන් එල්ල කර ඇති බව ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ. අදාළ ප්‍රහාරයන් හේතුවෙන් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සිදුව ඇති හානිය ස්මාරකයක් ලෙස ද ඇමරිකානු ජනාධිපතිවරයා විසින් හඳුන්වා දී තිබේ.