වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද ( 23 ) ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටියි . කමිටුව අද රැස්වන්නේ 10 වැනි දිනටය.
පොලිස්පති ධුරයේ බලය අනිසි ලෙස භාවිත කිරීම සහ විෂමාචාර පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව හමුවේ , දේශබන්දු තෙන්නකෝන් මුල් වරට සාක්ෂි ලබාදෙන්නේ අද දිනය .
හිටපු සහ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන් 16 දෙනෙකු සාක්ෂි ලබාගැනීම සඳහා ලැයිස්තුගත කර ඇත.
වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ නීතිඥ එස්.වීරවික්‍රම සාක්ෂිකරුවන් පළමුව සාක්ෂි දීම සඳහා කැඳවීමට අවසර ඉල්ලා සිටියද, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර දේශබන්දු තෙන්නකෝන් පළමුව සාක්ෂි දිය යුතු බවට නියෝග කර තිබිණි.
තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවට විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යන අය ද ඇතුළත් වේ.