මේ වන විට මැදපෙරදිග සහ ඒ ආශ්‍රීත රටවල ඇතිව තිබෙන යුදමය ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව ගැන අනතුරු ඇඟවීමක් කර තිබේ .
අමෙරිකානුවන්ගේ ආරක්ෂාව දැඩිව අවදානමකට ලක්විය හැකි බව සඳහන් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම , “ලොව පුරා අනතුරු ඇඟවීම ” නිකුත් කර තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට , ඊශ්‍රායලය සහ ඉරානය අතර යුදමය ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මැදපෙරදිග හරහා ගමන් කිරීමට බාධා ඇති වී තිබේ . වරින් වර ගුවන් අවකාශය වසා දැමීම් සිඳු වේ . එහෙයින් , එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ .
එමෙන්ම එක්සත් ජනපද පුරවැසියන්ට එරෙහිව විරෝධතා ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එබැවින් ලොව පුරා සිටින එක්සත් ජනපද පුරවැසියන්ට දැඩිව ප්‍රවේසම් වන ලෙසද රාජ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබේ.

