කොළඹ නව ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලෙස මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න පත්කර ඇත .ඒ , විනිසුරු ආදිත්‍ය පටබැදිගේ අභියාචනාධිකරණයට උසස් කිරීමෙන් පසුවය .
එමෙන්ම , මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීම ද අධිකරණ සේවා කොමිෂන් සභාව නිවේදනය කළේය.
ඊට අමතරව, ලංකා ජයරත්න සහ ඉන්දික කාලිංගවංශ යන දෙදෙනාද කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කර ඇත.