ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර “දැඩි ලෙස කනස්සල්ලට කරුණක්” ලෙස ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය විස්තර කර ඇත.
එහි අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රෝසි පැවසුවේ, “ගැටුම් ඉහළ යෑම මිනිසුන්ට සහ පරිසරයට බරපතළ හානි ඇති කළ හැකි විකිරණ පිටවීමේ අවදානම ඉහළ දමන බවයි.” යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථාන නිශ්චිත වර්ගයක යුරේනියම්, එනම් යුරේනියම් සමස්ථානික නිෂ්පාදනය වැඩි කිරීමට භාවිත කරයි.
“ඔබ පොළොවෙන් යුරේනියම් ගන්නකොට, ඒක ආකාර දෙකකින් හම්බ වෙනවා. 99.3% යුරේනියම්-238 සහ 0.7%, නැත්නම් යුරේනියම් පරමාණු 150කට එක පරමාණුවක් පමණ යුරේනියම්-235 වන අතර ඔබේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයේ වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ ඒ ප්‍රමාණය” සරේ විශ්වවිද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ National Physical Laboratoryහි මහාචාර්ය පැඩී රේගන් පැහැදිලි කරයි.
න්‍යෂ්ටික බලගැන්වීම් කිරීමේ ක්‍රියාවලිය යනුවෙන් මූලික වශයෙන් හඳුන්වන්නේ, යුරේනියම්-235 ප්‍රමාණය වැඩි කිරීමයි.
මහාචාර්ය රේගන් පැවසුවේ, මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ යුරේනියම් වායු තත්ත්වයට හරවා කෙන්ද්‍රාපසාරක යන්ත්‍ර තුළ භ්‍රමණය වීමට සැලැස්වීමෙන් බවය. යුරේනියම්-235ට වඩා යුරේනියම්-238 බරින් වැඩිවීම නිසා, භ්‍රමණය වන විට ඒවා වෙන්වීම සිදුවේ. බලගැන්වීම සඳහා මෙය නැවත නැවතත් සිදු කෙරේ.
න්‍යෂ්ටික බලාගාරවලට සාමාන්‍යයෙන් ආරක්ෂිත ලෙස ශක්තිය සෑදීම සඳහා න්‍යෂ්ටික බලාගාරවලට සාමාන්‍යයෙන් බලගැන්වූ 3-5%ක් පමණ යුරේනියම් අවශ්‍ය වේ. නමුත් ඉලක්කය න්‍යෂ්ටික අවියක් සෑදීම නම් ඒ සඳහා යුරේනියම්-235 විශාල ප්‍රමාණයක් එනම්, 90%ක් පමණ අවශ්‍ය වේ.