පොලිස් සැරයන් 2ක් අත්අඩංගුවට
අම්පාර ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් විසිපන්දහසක අල්ලස් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් පෙරේදා (21 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරියේ නියුතුව සිටි පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකි.
වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු කරදරයකින් තොරව සිදුකිරීමට සහ එම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා එම නිලධාරීන් දෙදෙනා එම පුද්ගලයාගෙන් රුපියල් 25,000ක (විසිපන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව ලද පැමිණිල්ලක් මත එම පොලිස් සැරයන්වරුන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අල්ලස් මුදල් ඉල්ලීම සහ භාරගැනීම මෙන්ම එයට අනුබල දීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර නිලධාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා