ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රධාන මාර්ගයේ 98 ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පෙරේදා (21දා) රාත්‍රී දෙදෙනෙකු මියගිය බව තඹලගමුව පොලිසිය කියයි.
ත්‍රිකුණාමලය සිට කන්තලේ බලා යමින් තිබූ යතුරුපැදියක් දකුණුපසට හැරවීමට යාමේදී කන්තලේ සිට ත්‍රිකුණාමලය බලා යමින් තිබූ වෑන් රථයක ගැටීමෙන්නේ මෙම රිය අනතුර සිදුව ඇත.
අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ඩබ්.කේ.එම්. චන්ද්‍රසිරි (අවුඃ60) හා ඩබ්.එම්.ටී.ජී. චන්ද්‍රසේකර (අවුඃ59) යන පැදිකරුවන් දෙදෙනායි. වෑන් රථය මුතූර් කලාප අධ්‍යපන කාර්යාලට අයත් එකක් වන අතර රියැදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
අනතුර සම්බන්ධයෙන් තඹලගමුව පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.එස්.ඩබ්. රංජන බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පත්වනු ලබයි.
කන්තලේ – ඩබ්.එම්. වික්‍රමසිංහ