මහා මාර්ගවල සිඟමන් යදිමින් සිටි සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවි කරමින් සිටි බාලවයස්කාර දරුවන් 21 දෙනකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය, ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදී සිය භාරයට ගෙන තිබේ.
කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගම්පහ, පානදුර, කැලණිය, මීගමුව, ගල්කිස්ස, කළුතර, තංගල්ල, අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල හා මාතර යන පොලිස් කොට්ඨාසවල ජනාකීර්ණ ප්‍රදේශවල හා මහජනතාව ගැවසෙන වෙළෙඳසල්, සාප්පු සංකීර්ණ, විදුලි සංඥා පහන් ස්ථාපිත කර ඇති ස්ථාන ආවරණය වන පරිදි සිදුකරන ලද මෙහෙයුම්වලදී මෙම දරුවන් භාරයට ගෙන තිබේ.
එහිදී සිඟමන් යදිමින් සහ භාණ්ඩ අලෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවසෙන ලද බාලවයස්කාර දරුවන් 21 දෙනකු පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් සුදුසු භාරකාරත්වයට පත් කිරීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා