උපාලි පුවත්පත් සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියකු වූ පරාක්‍රම රත්නායක මහතා (20 දා) අභාවප්‍රාප්ත විය. උපාලි පුවත්පත් සමාගමේ නිෂ්පාදන කළමනාකරුවකු ලෙස ක්‍රියාකළ රත්නායක මහතා ‘දිවයින’, ‘දි අයිලන්ඩ්’ පුවත්පත් හා සෙසු ප්‍රකාශනවල දියුණුව උදෙසා තම තාක්‍ෂණික ඥාණය මහත් සේ කැප කළේය.
හිත හොඳ මිනිසකු මෙන්ම තම දරුවන්ට යහපත් පියකු ලෙසද තම ජීවිතය ගතකළ රත්නායක මහතාගේ දේහය ගල්කිස්ස හන්දියේ සිට මුහුද දෙසට යනවිට හමුවන ධර්මෝදය විද්‍යාලය ඉදිරිපිට පිහිටි නිවසේ ඉරිදා සිට තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු අද (23 දා) සවස ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.